Sunday, December 11, 2011

විශ්වය හසුරුවන පංච නියාම ධර්ම...


විශ්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ඉදප්පච්චයතා මූල ධර්මය අවබෝධවීමත් සමග හේතුඵල ධර්මතාවයට අනුව විශ්වයේ සියල්ල පටිච්ච සමුප්පන්නව සිදුවන ආකාරය බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාක්‍ෂියට ප්‍රත්‍යක්‍ෂ විය. ඒ දර්ශනය මගින් එතෙක් පැවති භාරතීය දෘෂ්ටි සිල්ල නිශ්ප්‍රභා විය. විශ්වයේ සියලු සිද්ධි නියාම ධර්ම පහක විධායකයට යටත් බව උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ විය. ඒ අනුව උතු, බීජ, ධම්ම, චිත්ත හා කම්ම යන නියාම ධර්ම පහ මගින් සියලු සිද්ධි අර්ථ දැක්විය හැකිය.

කාලයෙන් නිරපේක්ෂ අවකාශය වනාහි නිරන්තර විපරිනාමයට පත්වන සිද්ධි සහ සංයුතිවලින් සැදුම් ලත් එකකි. එම සමස්තය නම් වූ විශ්වය පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ථ, රස, ඕජා යන ශුද්ධාෂ්ටයෙන් (ක්‍ෂුද්‍රාෂ්ටයෙන්) සමන්විත රූප ධාතුව වෙයි. රුප්පනය වීම හෙවත් අනවරත විපරිනාමය එහි ප්‍රධාන ධර්මතාවය යි. ඒ විපරිනාමය ඉදප්පච්චයතා න්‍යායට යටත් ය. ධම්ම නියාමයෙන් පැහැදිලි කෙරෙන, ස්වභාවයෙන් සිදුවන ඒ සියල්ල ස්වභාව ධර්මය යි. ජීව අජීව සියල්ල ඒ යටතට සංගෘහිත වේ. සතර මහා ධාතුන්ගේ සමවායෙන් සැදුම්ලත් ඒ සියලු දේ තුළ කර්කෂ බව හෙවත් තද - මොළොක් බව, ගලායන, කැටි කෙරෙන බව, වැඩෙන දිරන බව හා හැකිළෙන පිම්ඹෙන බව යන සර්ව සාධාරණ ගුණ අඩුවැඩි සම වශයෙන් ඇත.

පස්, ගල්, කඳු ඇළ, දොළ, ගංගා, ඉර, සඳ තාරකා ආදී සියල්ල එක් ගොඩකටත්, ගස්වැල් හා සත්ත්ව සමූහය තවත් ගොඩකටත් ගෙන අජීව හා ජීව යන කොටස් දෙකකට මෙකී රූප ධාතු වලින් සැදුම් ලත් සමස්ත විශ්වය බෙදනු ලැබෙයි. ජීව හා අජීව දෙකේ වෙනස කුමක්ද? පස්, ගල්, ගංගා හා මැරුණු කොටස් ආදී සියලු අජීව අවිඤ්ඤාණක වස්තූන්හි අවස්ථා විපර්යාසයක් හා දිරායාමක් (ජරා) ප්‍රකට වුවත්, ඒවා සැදුම් ලත් රූප කලාපයන්ගෙන් නව රූප කලාපයන් බිහිවීමක් ප්‍රකට නොවේ. සංසේදජ සත්ත්ව උපත මේ ස්වභාවයට ප්‍රතිපක්ෂයයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් එය විඤ්ඤාණයේ එළඹීමක් මත සිදුවන්නකි. එසේ නැතිව අජීව අවිඤ්ඤාණක වස්තුවල ස්වභාවයක් නොවේ. ගල් කැටයක් යම් තැනක තබා වර්ෂ ගණනාවක් ඉක්ම ගිය විට බැලූවොත් එහි, එය තුළින්ම ජනනය වන වැඩීමක් දැකිය නොහැකිය. පදාර්ථයන් ගේ ක්‍ෂය වීමක් පමණක් දැකිය හැකිය. ඊට බලපාන ධර්මතාවය කුමක්ද? එක්කෝ සෘතු විපර්යාසය නිසා විය හැකිය. නැතහොත් එහිම ඇති තේජෝ ධාතුවේ ධර්මතාවය වන දිරා යාමේ අනිත්‍ය ලක්ෂණය නිසා විය හැකිය. එනිසා අවිඤ්ඤාණක අජීව වස්තූන්ගේ විපරිනාමයට පාදක වන්නේ උතු හා ධම්ම නියාම ධර්මයන් පමණක් බව පෙනේ.
Read more »

Labels:

Thursday, December 8, 2011

අප්‍රමාදී පුද්ගලයා කුසල් රැස්වන අන්දමින් සැප, දුක්, උපේක්‍ෂා විඳිනව


අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝපදං
අප්පමත්තා න මීයන්ති
යේ පමත්තා යථාමතා


කුසලයෙහි සිහිබුද්ධිය ඇතිව ජීවත්වීම නම් වූ නොපමා බව නිවනට මඟයි. සිහිබුද්ධියක් නොමැතිව අවිද්‍යාව නිසා කුසල පිරිහීම සසර දුකට මඟයි. නොපමා වූ අය සසර දුකට නොපැමිණේ. හෙවත් නොමැරෙත්, පමාවුවෝ ජීවත්ව සිටියත් ඔවුන් මළවුන් වැනිය.

දිනක් බුදුරජාණන්වහන්සේ භික්‍ෂූන් වහන්සේ අමතා වදාළා “ මහණෙනි , මේ ලෝකයේ මනුෂ්‍යයන් සැප, දුක්, උපේක්‍ෂා කියල විඳීම් තුනක් විඳිනව. මේ සැප, දුක්, උපේක්‍ෂා විඳිද්දී සමහරු තුළ කුසල් වැඩෙනව. අකුසල් පිරිහෙනව. සමහරු තුළ අකුසල් වැඩෙනව.

කුසල් පිරිහෙනව. අප්‍රමාදී පුද්ගලයා කුසල් රැස්වන අන්දමින් සැප, දුක්, උපේක්‍ෂා විඳිනව. ප්‍රමාදී පුද්ගලයා සැප , දුක්, උපේක්‍ෂා විඳිමින් අකුසල් රැස් කරනව. සමහරු ප්‍රාණඝාත කරල තාවකාලිකව සැප විඳිනව. හොරකම් කරල, මත්ද්‍රව්‍ය විකුණල කාලබීල තාවකාලිකව සැප විඳිනව. පස්පව්වල යෙදිල තාවකාලිකව සැප විඳිනව. මහණෙනි, ඒ සැප තාවකාලිකයි. එයින් අකුසල් වැඩෙනව. කුසල් පිරිහෙනව.”

පින්වත්නි, නන්ද නමින් ගව ඝාතකයෙක් සිටිය. ඔහුට දිනක් ආහාරයට මස් නැතිව තමගෙය පිටිපස සිටි ඔහුගේම ගවයා පණපිටින් සිටියදීම දිව ඇද කපාගන එය බැදගන ආහාරයට ගත්තා. ඒ මොහොතේම ඔහුගේ දිව ගැලවී ඔහුගේ ආහාර පිඟානට වැටුණා.

දෙව්රම් වෙහෙර අසල සිටි චුන්දසූකරික රැකියාවට කළේ ඌරන් මරා වෙළදාම. ඔහුගේ අප්‍රමාදය නිසා නැතොත් කුසලට ඇති අකැමැත්ත නිසා බුදුන් දකින්න බණ පදයක් අහන්න වාසනාව තිබුනේ නැහැ. මරණ මොහොතේ ඌරකු මෙන් දින හතක් මුළුල්ලේ බෙරිහන් දුන්නා. ඔහු මැරී අවීචි මහා නරකාදියේ උපන්නා. මෙසේ සමහරු සැප විඳීම නිසා අකුසල් රැස් කරනවා. කුසල් පිරිහෙනව.
Read more »

Labels:

රාහුල ථෙරාපදානය.


මම ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්බුමු පහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.

දෙපා ඇතියනට අග්‍රවූ, මහා මුනිවූ, ශ්‍රේෂඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලදුයේ, ගඳකිළියට එළඹි සේක.

දෙවියන්ට දෙවිවූ, නර ශ්‍රේෂඨවූ, ශාස්තෘතෙම ගඳකිළිය බබුළුවන්නේ, බික් සඟන මැද සිටියේ, මෙම ගාථාවන් වදාළ සේක.

යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලදද, කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනවින් අතුරණ ලදද, මම හේ (කවරෙක්දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසව්.

ස්වර්‍ණමයවූද, රජතමයවූද, යලි වෙරළුමිණිමුවාවූද, යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම් (ඒවා) පහළ වන්නාහුය.

සූසැට වරක් ශක්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය. අනතුරුව දහස් වරක් සක්විති රජ වන්නේය.

එක්විසිවන කපෙහි සිව්මහ සයුර හා සිව්මහ දිවයින කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූයේ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, විමල නම් සක්විති රජෙක් වන්නේය.

ගඩොලුවලින් නිර්මිත කරණ ලද නගරය රේනුවතී නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස් හැඩයෙන් යුක්ත වෙයි.
Read more »

Labels:

කුසල් කිරීමෙහි යුහුසුළු වි සිත අකුසලයෙන් වළකාගත යුතුය


සැවැත් නුවර චුල්ලෙසාටක නම් බමුණෙක් විසීය. හේ ඉතා දිළිඳුය. බමුණාටත් ඔහු ගේ බිරියටත් වූයේ එකම උතුරු සළුවකි. මේ නිසා දෙදෙනාට ම එකවර ගෙයින් පිට ගමනක් යා නොහැකි ය.

දිළිඳු වුවද සැදහැ සිතින් යුතු වූ මේ අඹු සැමි දෙදෙනාට එකල දෙව්රම් වෙහෙරෙහි පැවැත් වූ පින්කම් මාලාවට සහභාගි වීමට සිත් විය. උරහිස පෙරවීමට ඇත්තේ එකම සළුවක් නිසා දෙදෙනාට එකවර ඊට සහභාගි වීමට නොහැකි විය. දෙදෙනා දෙවරකට බණ ඇසීමට යාමට කතිකා කර ගත්හ.

රෑ කල දහම් ඇසීමට ගිය බමුණා ගේ සිත දහමෙහි ඇළුණේ ය. තම එක ම උතුරු සළුව සිහි විය. බමුණා එය පූජා කිරීමට සූදානම් වූයේ ය. ඒ වේලේ ‘මටත්, බිරියටත් ඇත්තේ මේ සළුව පමණි. මෙය ද දුන් කල ගෙයින් පිට යන්නේ කෙසේ ද?’ යි මසුරු සිත් ආවේය.

මෙසේ දෙම්දෝ, නොදෙම්දෝයි කිහිප විටෙක ම කල්පනා කළ බමුණා අවසන සිත පහදා උතුරු සළුව පූජා කළේය. මසුරු සිත් පැරද වූ හේ ‘මම දිනුවා’, ‘මම දිනුවා’ යැයි හඬ ගෑවේ ය.

දහම් ශ්‍රවණයට ආ කොසොල් රජුට ද එය ශ්‍රවණය විය. මා සිටිය දී තවත් කෙනෙක් දිනන්නේ කෙසේද යි සිතා ඇමතියකුගෙන් මේ ගැන විමසන්නේ ය.

අඹු සැමි යුවළට පෙරවීමට තිබූ එක ම උතුරු සළුව පුදා මසුරු සිත දිනූ හෙයින් මෙසේ උදම් ඇනුවේයැයි දැන දිළිඳු බමුණා කෙරෙහි පැහැදුණු රජු ඔහුට යස ඉසුරු පරිත්‍යාග කළේ ය. මේ පුවත නිමිති කර ගනිමින් බුදුරජාණන් වහන්සේ කුසල් කිරීමෙහි යුහුසුළු විය යුතු බවත්, සිත අකුසලයෙන් වළකාගත යුතු බවත්, පින් කිරීමෙහි අලස වන තැනැත්තාගේ සිත පවෙහි ඇලෙන බවත් දේශනා කොට වදාළහ.

මේ ගාථා ධර්මයෙන් පැහැදිලිව දක්වා තිබෙන්නේ මිනිස් මනසෙහි පවතින්නා වූ ස්වභාවයයි. සාමාන්‍යයෙන් මිනිස් සිත ලෝබ, දෝස, මෝහ යන අකුසල මූලයන්ගෙන් බැඳී පවතී. මේ නිසා දන් දීම්, සිල් රැකීම් ආදී වූ යහපත් ක්‍රියා සඳහා හුරු පුරුදු කරවා ගැනීම අපහසු ය.

කාලයක් තිස්සේ ආයාසයෙන් හුරු පුරුදු කිරීමෙන් පමණක් එය සකස් කරගත හැකිය. පින්කම් කරම්දෝ නොකරම් දෝ යනුවෙන් සිත සිතා සිටීමෙන් සිදුවන්නේ පවට බර පිළිතුරකට සිත සකස් වීම ය.
Read more »

Labels: