Sunday, December 4, 2011

ශ්‍රී ලංකාවේ බොහෝ සර්වඥ ධාතූන් වැඩසිටිනවා


අපි සිටින මේ ශ්‍රී ලංකාව බොහෝ සර්වඥ ධාතූන් වැඩසිටින, බොහෝ පාරිභෝගික ධාතූන් වැඩසිටින, බුදුරජාණන් වහන්සේ පරිභෝග කල බොහෝ ස්ථාන ඇති මේ ලෝකයේම ඇති උතුම්ම පින් බිමක්.
එ පිළිබද තොරතුරු ටිකක් මේ..

අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියතින් ම දුන් කේෂ ධාතූන් වහන්සේලා ත්, වසර 45ක් පුරාවට සුවාසූදහසක් ධර්මස්කන්ධය ස්පර්ෂ කළ ග්‍රීවා ධාතූන් වහන්සේ (උගුරැ ඇටය) මේ වන විටත් මහියංගණ චෛත්‍ය රාජයාණන්ගේ ධාතු ගර්භයේ වැඩසිටිනවා.

දකුණු අකු ධාතූන් වහන්සේ (දකුණු උරහිස් ඇටය) අනුරාධපුර ථූපාරාමයේ වැඩසිටිනවා.

උර්ණරෝම ධාතූන් වහන්සේ මිහින්තලේ සේලචෛත්‍යයේ වැඩසිටිනවා.
ලලාට ධතූන් වහන්සේ සහ කේෂ ධාතූන් වහන්සේ සේරුවිල මංගල මහා සෑයේ වැඩසිටිනවා.

අනුරාධපුරයේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ගේ ධාතු ගර්භයේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩසිටිනවා.

වම් දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මැදුරේ වැඩසිටිනවා.

දකුණු දළදා වහන්සේ සෝමාවතිය සෑ රජුන්ගේ ධාතු ගර්භයේ ප්‍රාතිහාර්යපාමින් වැඩසිටිනවා.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වර්ෂයේ සුමන සාමණේරයන් වහන්සේ විසින් බුදුන් පර්භොග කළ පාත්‍රය ත්, එය පුරා ධාතූන් වහන්සේලාද මේ ලක් දිවට ගෙන වැඩියා. ඒ ධාතූන් වහන්සේලා ලංකාවේ නොයෙක් දිශාවල පිහිටි දාගැබ් තුළ මේ වනවිටත් වැඩ සිටිනවා. පාත්‍ර ධාතූන් වහන්සේ වැඩම කළ නමුත් දැනට වැඩසිටින තැනක් සදහන් වෙන්නේ නැහැ.
බුදුරජාණන් වහ්නසේ පර්භොග කළ බද පටියෙන් කොටසක් අනුරාධපුර ජේතවන චෛත්‍යයේ වැඩසිටිනවා.

තථාගතයන් වහන්සේ පරිභොග කළ මැණික් පුටුවක් නාගදීප චෛත්‍යය තුළ වැඩසිටිනවා.

තථාගතයන් වහන්සේ පර්භොග කළ මිණිපළගක් කැලණි ස්ථුපයේ වැඩසිටිනවා. එහිම තථාගතයන් වහන්සේගේ ජලසාටිකා ධාතුවද ඇති බව සදහන්.

සිද්ධාර්ථ ගෞතමයන් සම්බුදු බවට පත්වීමේ දී සෙවන සලසා දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අනුරාධපුර උඩ මළුවේ වැඩසිටිනවා.

ඉතින් මේවාට අමතරව අපගේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම වැදී සිටීමෙන් පරිභෝග කළ ස්ථාන 16කි.
01. මහියංගණය
02. නාගදීපය
03. කැලණිය
04. සමනල කදු මුදුන
05. දිවාගුහාව
06. දීඝවාපිය
07. මුතියංගනය
08. තිස්සමහාරාමය
09. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි තැන.
10. මිරිසවැටිය
11. රුවන්වැලි මහා සෑය
12. ථූපාරාමය
13. අභයගිරිය
14. ජේතවනය
15. සේල චෛත්‍යය
16. කතරගම කිරි වෙහෙර

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home