රාහුල ථෙරාපදානය.
මම ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, පදුමුත්තර බුදුරජාණන් වහන්සේට සත්බුමු පහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.
දෙපා ඇතියනට අග්‍රවූ, මහා මුනිවූ, ශ්‍රේෂඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලදුයේ, ගඳකිළියට එළඹි සේක.
දෙවියන්ට දෙවිවූ, නර ශ්‍රේෂඨවූ, ශාස්තෘතෙම ගඳකිළිය බබුළුවන්නේ, බික් සඟන මැද සිටියේ, මෙම ගාථාවන් වදාළ සේක.
යමෙකු විසින් මේ සෙනසුන බබුළුවන ලදද, කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් මැනවින් අතුරණ ලදද, මම හේ (කවරෙක්දැයි) ප්‍රකාශ කරන්නෙමි. (එසේ) ප්‍රකාශ කරන්නාවූ මාගේ වචනය අසව්.
ස්වර්‍ණමයවූද, රජතමයවූද, යලි වෙරළුමිණිමුවාවූද, යම්කිසි සිතට ප්‍රිය ආදාසයෝ වෙත් නම් (ඒවා) පහළ වන්නාහුය.
සූසැට වරක් ශක්‍රව දිව්‍ය රාජ්‍යය කරන්නේය. අනතුරුව දහස් වරක් සක්විති රජ වන්නේය.
එක්විසිවන කපෙහි සිව්මහ සයුර හා සිව්මහ දිවයින කෙළවරකොට ඇති පෘථිවියට අධිපතිවූයේ, සතුරු රජුන් ජයගන්නා සුළුවූ, විමල නම් සක්විති රජෙක් වන්නේය.
ගඩොලුවලින් නිර්මිත කරණ ලද නගරය රේනුවතී නම් වේ. (එය) දිගින් තුන්සියයක් (යොදුන්) වේ. හතරැස් හැඩයෙන් යුක්ත වෙයි.
(එහි) උතුම්වූ කුලුගෙවලින් යුත්, සත්රුවනින් අලංකාර කරණ ලද, විශ්වකර්මයා විසින් නිර්මිත කරණ ලද, සුදර්‍ශන නම් ප්‍රාසාදයක් විය.
(එය) දශවිධ ශබ්දයෙන් වෙන්නොවූ, විද්‍යාධරයන්ගෙන් ගැවසීගත්, දෙවියන්ගේ සුදර්‍ශන නගරය මෙන් වන්නේය.
එම ප්‍රාසාදයාගේ ප්‍රභාව හිරු උදාවන කල්හි විහිදේ. එය නිරතුරුවම හාත්පස අටයොදුනක් (තන්හි) බබළන්නේය.
කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නමින් ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන්නේය.
හෙතෙම කුශල මූලයන් මෙහෙයන ලදුයේ, තුෂිත පුරයෙන් චුතව, ගෞතමයන් වහන්සේගේ ඒ ඖරස පුත්‍රයා වන්නේය.
හෙතෙම ඉදින් ගිහිගෙයි වසන්නේ නම් සක්විති රජ වන්නේයි. තාදී ගුණ ඇතියෙක් ගිහිගෙයි ඇලීමට පැමිණෙයි යන මේ කරුණ සිදුනොවන්නකි. (හෙවත් සිදුවීමට කරුණ නැත්තකි.)
සුශික්‍ෂිතවූ (හෙතෙම) ගිහිගෙන් නික්ම නමින් ඒ රාහුල නම්වූ රහත් තෙම වන්නේයයි වදාළ සේක.
මහාමුනිවූ ගෞතම බුදුරජාණන් වහන්ස, කිරල් ධෙනුව බිජුවට රකින්නාක් මෙන්ද, සෙමරමුවා වලිගය රකින්නාක් මෙන්ද, සීලය රකින්නේය. ශීලයෙන් යුක්තවු මම (මැනවින් ශීලය) ආරක්‍ෂා කෙළෙමි.
මම ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය දැන, සසුනෙහි ඇළුනේ වෙසෙමි. සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන, හැරදමා, ආශ්‍රව රහිතව වෙසෙමි.
මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.´
Labels: බෞද්ධ ලිපි
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home