Tuesday, November 29, 2011

අග්නි හා ජලස්කන්ධයන් අතරින් සවනක් ඝන බුදුරැස් විහි දෙන්නාහ


ශ්‍රී ශරීරයෙන් නාභියෙන් මත්තේහි තුන්ලොවටම පැතිරෙන්නාවු මහා ගිනි කදක් නැගෙන්නාහ. නෑවත නාභියෙන පහත ශ්‍රී ශරීරයෙන් මහා දිය කදක් පැතිරෙන්නාහ. මෙලෙස මාරුවෙන් මාරුවට ඉහල වු ශ්‍රීශරීරයෙන් නැවත ජල ධාරවන්ද .. පහත වූ ශ්‍රී ශරීරයෙන් ගිනි ජාලවන්ද පැතිරෙන්නාහ.

මෙලෙස බුදු රදුන්ගේ ශ්‍රී මුඛයෙන් පිට දිශායෙන් , දිය කදෙක්ද නැවත ඒවායින් මාරුවෙන් මරුවට පෙරලි ගිණි කදක්ම නික්මෙන්නාහ. එලෙසම දකුනු ඇසින් නාඹ තල් කද සා ගිනි කදෙක් නැගෙන්නේය. වමැසින් නාබ තල් කද සා දිය කදක් නැගෙන්නේමය. මෙලෙස මාරුවෙන් මාරුවට දෙකන් වලින් , නාසයෙන්, දකුනු හා වම් දසරුයෙන්ද, දකුනු හා වම් ශ්‍රී හස්තයන්ගෙන්ද දකුනු හා වම් ශ්‍රී පාදයන්ගෙන්ද නැවත එකී එකී ඇගිල්ලෙන්ද ඒ ඒ ඇගිළි හසු හස්සෙන්ද සියලු ශ්‍රී ශරිරයෙහි ඒකි ඒකි රොමයන්ගෙන්ද ඒකි ඒකි රොම කූපයන්ගෙන්ද මෙලෙස පෙළහර පාන්නාහ.

මේසේ නැගෙන්නවු අග්නි හා ජලස්කන්ධයන් අතරින් සවනක් ඝන බුදුරැස් විහි දෙන්නාහ .. මුලු සක්වල මැඩ ගෙන දිවෙන්නාහ

මෙසේ පෙළහර පාන්නාවු බුදු රදුන් එකින් එක වු අග්නිස්කන්දයන්ටද .. ජලස්කන්ධයන්ටද තේජෝකසින හා ආපෝකසින සමාධියට සමවදින සේක. සවනක් ඝන බුදු රැස් වෙන වෙනම නීල කසින පීතකසිණාදි සමවත් සමවදනා සේක. එම විගසම ශ්‍රි සද්ධර්මය වදාලන සේක. අප්‍රමාණ සත්වයින් සාදු කාර දෙන අතර තුර වෙන වෙනම ඔවුන්ගේ රාගී වූද , දෙවේශී වූ මෝහි වූ වික්ශිප්ත වු, සoක්ෂිප්ත වු, සමහිත වු, සිත දැන ඔවු නොවුනට වෙන වෙනම ඇසෙන සේ ශ්‍රි සදර්මය දේශනා කරන් සේක.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home