Saturday, November 26, 2011

කොසොල් රජතුමාගේ නවවන සිහිනය


“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, පඤ්ච වර්ණ නෙලුම් වලින් යුක්ත ගැඹුරු හැම පැත්තෙන් ම තොටුපල තිබෙන පොකුණක් දැක්කා. ඒ පොකුණට හැම පැත්තකින් ම සිව් පා දෙපා සතුන් බැහැලා පැන් බොනවා. ඒ විලේ ගැඹුරු වූ මැද වතුර කැළඹිලා මඩ වෙලා තිබුණා. නමුත් ඒ විලේ සතුන් බහින ඉවුර හරියේ වතුර නො කැළඹී, හොඳට පෑදිලා තිබුණා. මේක තමයි මම දැක්ක නව වෙනි හීනය. ස්වාමීනි, මේ හීනයේ විපාක මොනවා ද?”

” මහරජ, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගතයේ යි. අනාගතයේ රජවරු අධාර්මික වෙනවා. සතර අගතියට ගොස් රාජ්‍යපාලනය සිදු කරනවා. ධාර්මික ව කටයුතු විසඳන්නේ නැහැ. අල්ලස් ගන්නවා. ධන ලෝලී වෙනවා. රට වැසියන් කෙරෙහි ශාන්තියක් දයානුකම්පාවක් දක්වන්නේ නැහැ. සැඩ ඵරුස විදියට මිනිසුන්ව පීඩාවට පත් කරමින් අය බදු ගනිමින් මිනිසුන් ගේ ධනය ලබා ගන්නවා. මිනිසුන් අය බදු ගෙවා ගන්නට නො හැකි ව ගම් නියම් ගම් ආදිය හැර දමා දුර ඈත ප්‍රදේශවලට ගොස් ජීවත් වෙන්නට පටන් ගන්නවා. මධ්‍යම ජනපද ශූන්‍ය වී යනවා. ප්‍රත්‍යන්ත දුර ඈත ජනපද මිනිසුන් ගෙන් පිරී යනවා. ඒක හරියට පොකුණේ මැද වතුර මඩ වී ඉවුරු සමීපයේ පෑදී පවතිනවා වගෙ යි. මේ හේතුවෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home