Saturday, November 26, 2011

කොසොල් රජතුමාගේ හයවන සිහිනය


“ස්වාමීනි, මහජනයා ලක්‍ෂයක් වටිනා රන්තලියක් අරගෙන මේක මැද මුත්‍රා කරන්ට යැ යි කියා, එක්තරා නාකි නරියෙක් අසල ඒ තලිය තැබුවා. ඒ නාකි කැනහිලා ත් ඒ ඝනරන් තලියේ මුත්‍රා කළා. මේක තමයි මම දැක්ක හය වෙනි හීනය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේකට විපාක මොනවා ද?”

“රජතුමනි, මේ සිහිනයට ත් විපාක අනාගතයේ ම යි සිදු වන්නේ. මහරජ අනාගතයෙහි ජාතිසමපන්න නො වන්නා වූ අධර්මිෂඨ රජදරුවෝ ජාති සමපන්න කුලපුත්‍රයන්ට ‘මොවුන් අපට කිසියම් අනතුරක් කරයි දෝ..?’ කියන සැකයෙන් යුතු ව යසස් ලබා දෙන්නේ නැහැ. ජාති සම්පන්න නො වන අයට යසස් ලබා දෙනවා. ඒ පිරිස් ම වර්ධනය කරනවා. මේ නිසා මහා සම්පත් ඇති ජාතිසම්පන්න මිනිසුන්ට ජීවත් වී ගන්නට නො හැකි වෙනවා. ඒ නිසා ඔවුන් ජීවත් වීම පිණිස, ජාති සම්පන්න නො වන අයට දූ දරුවන් පාවා දෙනවා. මේ විදියට ඒ ජාති සම්පන්න කුලදූවරුන්, ජාති සම්පන්න නො වන අය ත් සමග කරන සංවාසය හරියට නාකි හිවලෙක් රන්තලියක මූත්‍රා කරනවා වගෙ යි. මේ සිහිනයෙනු ත් ඔබට නම් භයක් ඇති වන්නේ නැහැ.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home