Saturday, November 26, 2011

කොසොල් රජතුමාගේ පළමු සිහිනය


ස්වාමීනි, අඤ්ජන වර්ණයෙන් යුක්ත කළු පාට ගොන්නු හතර දෙනෙක් යුද්ධ කරන්නට කියල හතර දිශාවෙන් රාජාංගනයට ආවා. මහජනයා ත් ‘මේ වෘසභ යුද්ධය බලමු’කියල එක් රැස් වුණා. ඒ විදියට එක් රැස් වුනා ම ඒ ගොනුන් හතර දෙනා යුද්ධ කරනවා වගේ ස්වභාවයක් පෙන්වලා, ගර්ජනා කරල ඒ ඒ පැත්තට පැනල ගියා. මේක තමයි මම දැකපු පළමුවෙනි හීනය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස මේ සිහිනයේ විපාක ය මොකක් ද?”

“මහ රජතුමනි, මේ සිහිනයේ කරුණු සිද්ද වෙන්නේ ඔබ ගේ කාලයේ වත් අප ගේ කාලයෙන් වත් නො වෙයි. අනාගයේ අධර්මිෂ්ඨ වූ අයහපත් වූ රජවරුන් හා මිනිසුන් ලෝකයේ බිහි වෙනවා. ඒ කාලයේ තමයි මෙහි විපාක සිදු වන්නේ. ඒ කාලයේ මිනිසුන් ලෝකයේ යහපත පෙරලන්ට පටන් ගන්නවා. කුසලය පසුබැස යනවා. අකුසලය උත්සන්නව යනවා. කුසලය යට යනවා. අකුසලය මතුව එනවා. ලෝකය පිරිහෙන ඒ කාලයේ වර්ර්‍ෂාව යහපත් විදියට හොඳින් වසින්නේ නැහැ. වැසි ඇතිකරන කරුණු සිඳී යනවා. භව භෝග මලානික වී යනවා. ඒ නිසා දුර්භික්‍ෂ ඇතිවෙනවා. වැසි වසින්නට මෙන් කලු වළාකුළු සතර දිගින් නැගී එනවා. ස්ත්‍රීන් අව්වෙහි වැනූ වී ආදිය තෙමෙයි යන භ‍යෙන් ගෙවල් ඇතුළට ගන්නවා. පුරුෂයන් උදළු ආදිය ගෙන අමුනු නියර බඳින්ට නික්මෙණවා. එවිට වසින ස්වභාවයක් දක්වා, ‍ගර්ජනා කොට විදුලි කොටා, වර්ෂාව ඇති නො වීම වළාකුළු පහව යනවා. ඒක හරියට අඳුන් පැහැති කළු ගොන් හතර දෙනා ගොන් පොරයකට මෙන් රාජංගනයට පැමිණ, මිනිසුන් එය බලන්නට රැස් වූ විට, පොර කන ස්වභාවයක් දක්වා, ගර්ජනා කොට ඒ ඒ තැන පලා යනවා වගෙයි.
මේ සිහිනයෙන් කියවෙන්නේ එය යි. ඔබට මේ සිහියන දැකීමෙන් කිසි අන්තරායක් ඇති වන්නේ නැහැ. අනාගයේ සිදු වන දෙයක් පිළිබඳ ව යි මේ සිහිනයෙන් දැක්වෙන්නේ.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home