Saturday, November 26, 2011

කොසොල් රජතුමාගේ සතරවන සිහිනය


” ස්වාමීනී, ආරෝප පරිණාහ සම්පන්න, මහ ගොනුන් අගට යොදා තරුණ වූ ගොන් නාම්ඹන් කරත්තවල, බර ඇදීම සඳහා මුලට යොදනවා. ඒ ගොන් නාම්ඹන්, මුලට දැම්මට පස්සේ බර ඇද ගන්නට බැරිව කරෙන් විය ගහ පැත්තකට දමා සිටිනවා මම දැක්කා. ඒ නිසා ගැල් කරුවන්ට කැමති තැනකට ගිහින් වෙළහෙළඳාම් කටයුතු ආදිය සාර්ථක කර ගන්නට පුලුවන් වුණේ නැහැ. මේක තමයි මම දැක්ක හතර වෙනි හීනය. ස්වාමීනී, මේකේ විපාක කොහොම ද?”

” මහරජතුමනි, මේ සිහිනයේ කාරණා ත් අනාග‍යේ අධාර්මිෂ්ඨ වූ රජදරුවන් ගේ කාලයේ තමයි ඇති වෙන්නේ. අනාගතයේ පහළ වෙන අධාර්මිෂ්ඨ වූ කුසලයෙන් තොර වූ රජදරුවෝ, නුවණැති වූ පරම්පරාවන් ගෙන් පැවැත එන, ඒ ඒ කටයුත්ත සාර්ථක ව කරන්නට දක්ෂ වූ මහා අමාත්‍ය වරුවන්ට යස පිරිවර දෙන්නේ නැහැ. රාජ කාර්යයන් විචාරණ, ස්ථානෝචිත ප්‍රඥා ඇති, නඩු විස‍ඳන්නට දක්ෂ වූ, පුරාණ පරම්පරාවලින් පැවත එන, වයෝවෘද්ධ අමාත්‍යයන් අධිකරණය කටයුතු වලට යොදවන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධ වූ බාල අමාත්‍යයින්ට යස පිරිවර ලබා දෙනවා. ඒ වගේ ම බාල වූ පිරිස් අධිකරණයන් ගේ යොදවනවා. ඒ තරුණ අමාත්‍යවරු රාජකාරි කටයුතු දන්නෙ ත් නැහැ. යුක්තිය අයුක්තිය
දන්නෙත් නැහැ. තමන්ට දුන් යසස දරා ගන්නට ත් ඔවුන්ට බැහැ.
මහලු නුවණැති අමාත්‍යවරු ත්, තමන්ට යසස් නො ලැබීම නිසා, රාජකාරි කටයුතු කරන්නට හැකියාව තිබුණ ත්, “දැන් අපිට මේ රාජකාරි වලින් මොන වැඩක් ද? අපි දැන් යන්ට යමු, මේ බාල ඇමතිවරු ම ඒ රාජකාරි කරාවි” කියලා කළ යුතු රාජකාර්යයන් කරන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන් ගැල් බර උහුලන්ට අසමත් ගොන් නාම්බන් ගැල් හිසෙහි යෙදුවා වගේ, ගැල් බර උහුලන්ට සමත් වූ මහ ගොනුන් අගට යෙදුවා වගේ ඒ රජ දරුවන්ට පරිහාණියක් ම යි සිද්ධ වෙන්නේ. මේ කාරණයෙන් ඔබට බයක් ඇති වන්නේ නැහැ.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home