Wednesday, November 30, 2011

සාලවන උපමාව


අකුසල හාපනය හා කුසල භාවනය හේතුවෙන් පුද්ගලයා තුළත් සසුන තුළත් අභිවෘද්ධියේ ස්වභාවය පැහැදිලි කිරීම සඳහා බුදුරදුන් මෙම සාලවන උපමාව සඳහන් කරති.

ගමක හෝ නියම් ගමක හෝ සමීපයේ ඉතා රමණීය ලෙස වැඩුණු සල්මලින්ද විහිදුණු අතු පතරින්ද පිරුණු විශාල සල් වනයක් විය. එනමුදු කල්ගතවීමේදී සල්ගසම පිළිල වලින් ගහණ වන්නට විය. එහෙයින් සල්ගස් එකින් එකට විනාශ වන්නට විය. මෙය දුටු එක් පරිසර හිතකාමීයෙකු මැරුණු සල් අතුද විනාශයට හේතුවු පිළිල වැල්ද ඉවත් කොට එමෙන්ම මනාව කෙළින් වැඩුණු සල්ගස් පිරිසුදු කොට පෝෂණය කිරීමටද පෙළඹෙයි. මෙසේ කළ කල්හි නොබෝ දිනකින්ම සල්ගස් නැවත පෙර පරිදිම අතු පතරින්ද මල් වලින්ද පිරී ගියේය.

මෙකී උපමාවේ සල් වනය භික්‍ෂු ශාසනයයි. මුලින් ලස්සනට තිබූ සල්ගස් වැනි සැරියුත් මුගලන් ආදී මහහරහතන් වහන්සේලා වූහ. පසු කලෙක විනාශයට පත්වන්නට ගිය සල් ගස් වැනි භික්‍ෂූහු පාප සිතිවිලි නමැති පිළිලවලින් විනාශයට පත් වන්නෝය. යථාවත් කරගත හැක්කේ පාපී සිතිවිළිවලින් සිත් පවිත්‍ර කර ගැනීමෙනි. රමණීය සල්මල් වනයක් වැනි භික්‍ෂු පිරිසක් ඇති කිරීම මෙම උපමාවේ හා සූත්‍රයේ අරමුණ වේ.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home