Friday, November 25, 2011

උප්පාද යනු ඇතිවීමයි


උප්පාද යනු ඇතිවීමයි. හට ගැනීමයි. වය යනු නැතිවීමයි. ඇතිවීම හා නැතිවීම සත්වයාට බලපාන පොදු ධර්මතාවකි. ජීව අජීව සියලු වස්තූන්වලට එය සනාතන දහමකි. අනිත්‍යතාව එය පසුපසින් දිවඑයි. ලොව පහළ වන බුදුවරු එය පසක්කරන සේක. ගෞතම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට දේවතාවෙක් උන්වහන්සේ ඉදිරියට වැඩම කළේය. එම දේවතාව බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් විමසා සිටියේය.

‘කිංසු ජානෙති පුරිසං ‘ - සත්වයා උපද්දවන්නේ කවරෙක් විසින්ද ? බුදුරජාණන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දුන් සේක.

“ තණ්හා ජානෙති පුරිසං – සත්වයා උපද්දවන්නේ තෘෂ්ණාව ය.

තෘෂ්ණාව මූලික හේතුව කරගෙන සත්වයා උපදින ක්‍රම හතරක් තිබෙන බව ධර්මයේ සඳහන් වේ. ඒවා නම්
1. අණ්ඩජ
2. ජලාබුජ
3. සංසේදජ
4. ඕපපාතික යන ක්‍රම සතරයි.

Read more »

Labels:

පංච උපාදානස්ඛන්ධය


මම යනුවෙන් කියවෙන්නේ රූප වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධ පහටයි. පළමුව බලමු මොකක්ද මේ පංච උපාදානස්ඛන්ධය කියන්නේ කියලා රූපය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතවලින් හට ගත් දෙයයි, වේදනාව කියන්නේ ස්පර්ශය නිසා හටගත් විදීමයි.

සංඥාව යනු ස්පර්ශය නිසා හටගත් හදුනා ගැනීමයි. සංඛාර යනු ස්පර්ශය නිසා හටගත් චේතනා පහළ වීමයි. විඤ්ඤාණය යනු නාමරූප නිසා හටගත් සිතයි. මෙය හේතුඵල දහම අනුව හටගත්තක් නිසා පංච උපාදානස්ඛන්ධය දුකක් යැයි පුහුදුන් ඇතැම් කෙනෙකුට හිතුනත් යථාර්ථයෙන්ම තේරුම් ගන්න බැරිවෙලා. ඊට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයා තුළ සඤ්ඤා විපල්ලාසය යනු සත්‍ය වශයෙන් තියන දෙය හඳුනාගන්නේ නැතිව වෙනත් දෙයක් හඳුනා ගැනීමටයි. පින්වතුනි,, බුදුරජාණන් වහන්සේ විසින් සඤ්ඤා විපල්ලාස හතරක් දේශනා කරනවා. එනම්
1. අසුභෙ සුභ සඤ්ඤා (අසුභ දේ සුභ ලෙස හඳුනා ගැනීම. )
2. දුක්ඛෙ සුඛ සඤ්ඤා (දුක් වූ දේ සැප ලෙස හඳුනා ගැනීම. )
3. අනිච්චේ නිච්ච සඤ්ඤා (අනිත්‍ය වූ දේ නිත්‍ය ලෙස හඳුනා ගැනීම. )
4. අනත්තේ අත්ත සඤ්ඤා (අන්තාම දේ ආත්ම වශයෙන් හඳුනා ගැනීම.)
ඒ කියන්නේ සත්‍ය වූ දේ තමයි අසුභ, දුක්ඛ, අනිත්‍ය, අනාත්ම හතර. නමුත් ඒවා අන්ධ වූ පෘථග්ජනයා සුබ, සැප, නිත්‍ය, ආත්ම වශයෙන් පටලවාගෙන අවිද්‍යාව නමැති දැලකින් සිත වෙළාගෙන දුක් විඳින්නේ නැද්ද ? දුක් විඳිනවා. ඒ නිසාම පුහුදුන් කෙනා පංච උපාදානස්ඛන්ධයට දැඩි ලෙස බැදී යනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨියටයි.

Read more »

Labels: