Saturday, November 26, 2011

කොසොල් රජතුමාගේ හත්වන සිහිනය


“සවාමීනි භාග්‍යවතුන් වහන්ස, එක මිනිහෙක් ලනුවක් අඹර අඹරා තමන් ගේ පාමුල තබනවා. ඒ පුරුෂයා ඉඳගෙන හිටපු පුටුව යට වැතිරිලා ඉන්න හැකිලුනු කුස ඇති හිවල් දේනුවක්, ඒ පුරුෂයාට නො දැනෙන විදියට ඒ ලනුව කනවා. මේක තමයි මම දැක්ක හත් වෙනි හීනය. ස්වාමීනි, මේ මගේ හත්වෙනි හීනයට විපාක මොනවා ද?

“මහරජ, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගත‍යේ ම යි. මහරජතුමනි අනාගතයේ සත්‍රීන් පුරුෂයන් කෙරෙහි ලොල් වෙනවා. ලස්සනට සැරසෙන්නට ලොල් වෙනවා. පාරවල් ගානේ ඇවිද ඇවිද ඉන්න ලොල් වෙනවා. සැප සම්පත් වලට ලොල් වෙනවා. දුශ්ශීල වෙනවා. දුරාචාරයේ හැසිරෙනවා. ඒ විදියට කාමයන්ට ලොල් වුන ස්ත්‍රීන් තමන් ගේ පුරුෂයන් ගොවිතැනින්, වෙළඳාමෙන් ආදියෙන් බොහෝ වෙහෙස මහන්සි වී රැස් කරන ධන සම්පත් ආදිය හොර මිනිසුන් සමග එක් වී, මත් පැන් බොමින්, සැරසෙමින්, සුවඳ ගල්වමින්, මල් පළඳමින්, විනාශ කරනවා. නිවෙස් වල අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කටයුතු පවා මග හරිනවා. ඔවුන් විමසිලිමත් වන්නේ සොර සැමියන්‍ ‍ගේ යාම් ඊම් ආදිය කෙරෙහි යි. වැපිරීමට තිබෙන ධන ධාන්‍ය ආදිය පවා වැය කරමින් සොර සැමියන්ට කෑම් බීම් ආදිය සපයනවා. සිය ස්වාමියා වෙහෙස වී රැස් කරන ධනය සොර මිනිසුන් සමග එක් වී ඒ අයුරින් කා දමනවා. එය හරියට ලණුව අඹරන මිනිසා‍ ගේ පුටුව යට සිටින කැනහිල් දේනුව හොරෙන් ම ඒ වර මන්ද කා දමනවා වගෙයි. මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home