Wednesday, November 30, 2011

පොළොව නොපොළොව කිරීමේ උපමාව


සිත විපරීත තත්වයට පත්වූ පුද්ගලයෙකු නැවතත් මෙත් සිත් සහිත පුද්ගලයෙකු බවට පත්කිරීමට කටයුතු කළ යුතු අයුරු පැහැදිළි කරනු වස් බුදුරදුන් මෙකී උපමාව භාවිත කරයි.

මේ මහපොළොව නොපොළොවත් කිරීමට මිනිසෙකුට සිතේ දැඩි අධිෂ්ඨානයක පිහිටන ඔහු උදැල්ලක් හා කූඩයක් රැගෙන පොළොවෙහි තැන තැන සාරයි. පස් එහෙ මෙහෙ ඉවත දමයි. දහඩිය හලයි. දැඩි වෙහෙසට පත්වන ඔහු තැන තැන කෙළ ගසයි. පොළොව නොපොළවක් වේවායි ශාප කරයි.අවසානයේ දැඩි වෙහෙස නිසාම ඔහු ක්ලාන්ත වේ. එහෙත් විශාල වූ පොළොවට යමක් කරන්නට ඔහු අසමත් වේ. මහ පොළොව හා සමාන අපමණ මෛත්‍රි‍්‍ර ඇති තැනැත්තාටද යමක් කරන්නට කිසිවකුටත් හැකියාවක් නොමැති බව මෙයින් පැහැදිලිවේ.

“ මජ්ක්‍ඡීම නිකායට්ඨ කථාවට අනුව මෛත්‍රි සහගත සිත මහ පොළොව හා සමානය. උදැල්ලත් හා කූඩයක් රැගෙන ආ තැනැත්තා රළු වාග් ප්‍රහාරයන් එල්ල කරන්නාට සමානය. උදැල්ලෙන් හා කූඩයෙන් පොළොව නොපොළොවක් කරන්නට අසමත් වන්නා මෙන් මෙත් සිත වර්ධනය කළ තැනැත්තාගේ සිතද වාග් ප්‍රහාරවලින් වෙනස් කළ නොහැකිය යන අදහස මෙකී උපමාවෙන් පැහැදිළි කරයි.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home