දේවදුත සුත්‍රය (අනන්ත නිරිසතුන් දුක්විදින ආකාරය පිළිබද බුදුනුවනින් කල දෙසුම)
1.මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූ, ජෙතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසය කරණසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ´මහණෙනියි, භික්‍ෂුන්ට ආමන්ත්‍රණය කොට වදාළසේක.ඒ භික්‍ෂුහු ´පින්වතුන් වහන්සැයි´ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
2.´´මහණෙනි, යම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්ද, එහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූද, ගෙයින් පිට වන්නාවූද, හැසිරෙන්නා වූද, ඔබ මොබ යන්නාවූද, මිනිසුත් දකින්නේද, මහණෙනි ඒ පරිද්දෙන්ම මම චුත වන්නාවූද, උපදින්නාවූද,හිනවූද, ප්‍රණිතවූද, යහපත් වර්‍ණඇත්තාවූද, අයහපත් වර්‍ණ ඇත්තාවූද, සුගති වලට පැමිණියා වූද, දුගති වලට පැමිණියා වූද, කර්‍මය වූ පරිදි පැමිණියා වූ සත්‍වයන් පිරිසිදු, මිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවසැන් දකිමි. ඒකාන්තයෙන්ම මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනො සුචරිතයෙන් යුත්ත වූවාහුය. ආය්‍ර්‍යයන්ට පරිභව නොකළාහුය. සම්‍යක් දෟෂ්ටි වූවාහුය. සම්‍යක් දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වුවාහුය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති සවර්‍ගලොකයෙහි උපන්නාහුය. ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුත්ත වූවාහුය. වාක් සුචරිතයෙන් යුත්ත වුවාහුය. මනෝ සුචරිතයෙන්ත යූක්ත වූවාහූය. ආය්‍ර්‍යයන්හට පරිභව නොකරන්නාහුය. සම්‍යක් දෟෂ්ටික වූවාහූය. සම්‍යක් දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යූක්ත වූවාහූය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මිනිසුත් අතර උපන්නාහුය.
3. ´´ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දූශචරිතයෙන් යුත්ත වූවාහූය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුය. ආය්‍ර්‍ය හට පරිභව කරන්නාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි වූවාහුය. ඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහි උපන්නාහුය. මේ පින්වත් සත්වයෝ කාය දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. වාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුය. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වුවාහුය. ආය්‍ර්‍යයන්හට පරිභව කරන්නාහුය. මිත්‍ථ්‍යා දුෂ්ටික වූවාහුය. මිත්‍ථ්‍යා දෟෂ්ටි කර්‍ම සමාදානයෙන් යුක්ත වූවාහුය. ඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති නිරයෙහි උපන්නාහුය.
Read more »
Labels: සුත්‍ර දේශනා




