Wednesday, November 30, 2011

කකුචූ උපමාව ( කකුචූපම සූත්‍රයෙන් )



මෙම සූත්‍රයෙහි නාමය සැකසූ උපමාව මෙයයි. පහත් හැසිරීම් ඇති චණ්ඩ පරුෂ ගති ඇති සොරුන් දෙපසෙහි මිටි ඇති කියතක් ගෙන එයින් ස්වීය අඟ පසඟ කපන කල්හි වුවද ඒ සොරුන් කෙරෙහි මෛත්‍රී සහගත සිත පැතිරවීමට ශ්‍රාවකයාව යොමු කිරීම පිණිස බුදුරදුන් මෙම උපමාව උපයෝගී කර ගගනියි.

උක්ත සඳහන් කළ උපමා තුළින් කියාපාන වැදගත් කරුණක් ඇත. එනම් මෛත්‍රි සහගත සිත විවිධ වස්තුවලට සමාන කර දැක්වීමය.

පඨවි සමෙන චෙතසා .....පොළොව හා සමාන මෙත් සිත
ආකාස සමෙන චෙතසා ...අහස හා සමාන මෙත් සිත
ගංගා සමෙන චෙතසා ...ගංගා නදිය හා සමාන මෙත් සිත
බිළාලභස්තා සමෙන චෙතසා ...බළල් සමින් කරන ලද පසුම්බිය හා සමාන මෙත් සිත

කකුචූපම සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන දර්ශනය ඉතා වැදගත්ය.

“මහ පොළොව මෙන් අකම්පීව අන්‍යයන්ගෙන් ඇතිවන ගැහැට ඉවසිය යුතුය. මහා ආකාශය මෙන් අන්‍යයන්ගේ හිරිහැර ඉවසා ඔවුන්ට අපමාණව මෛත්‍රි වැඩිය යුතුය. මහා ගංගාවක මෙන් සිසිලෙන් අන්‍යයන්ගෙන් ඇතිවන කෝපය තම සිතින් නිවා දැමිය යුතුය. අන්‍යයන්ගේ දෝෂාරෝපණය හමුවේ ඉවසිය යුතුය. ඒ ඉවසීම කෙතෙක් දුරට ප්‍රගුණ කළ යුතුද යන්න දක්වමින් උන්වහන්සේ යම් විටක යම් පුද්ගලයෙකු කියතක් ගෙන සිය ශරීර අවයව කැපූවත් ඉවසිය යුතුය යනුවෙන් දේශිතය. උතුම් මානසික ශික්‍ෂණයක් ඇති කර ගැනීමට ඉවහල් වන සූත්‍රයක් ලෙස මෙකී කකචූපම සූත්‍රය හඳුන්වා දිය හැකිය.

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home