Wednesday, November 30, 2011

කකුචූ උපමාව ( කකුචූපම සූත්‍රයෙන් )



මෙම සූත්‍රයෙහි නාමය සැකසූ උපමාව මෙයයි. පහත් හැසිරීම් ඇති චණ්ඩ පරුෂ ගති ඇති සොරුන් දෙපසෙහි මිටි ඇති කියතක් ගෙන එයින් ස්වීය අඟ පසඟ කපන කල්හි වුවද ඒ සොරුන් කෙරෙහි මෛත්‍රී සහගත සිත පැතිරවීමට ශ්‍රාවකයාව යොමු කිරීම පිණිස බුදුරදුන් මෙම උපමාව උපයෝගී කර ගගනියි.

උක්ත සඳහන් කළ උපමා තුළින් කියාපාන වැදගත් කරුණක් ඇත. එනම් මෛත්‍රි සහගත සිත විවිධ වස්තුවලට සමාන කර දැක්වීමය.

පඨවි සමෙන චෙතසා .....පොළොව හා සමාන මෙත් සිත
ආකාස සමෙන චෙතසා ...අහස හා සමාන මෙත් සිත
ගංගා සමෙන චෙතසා ...ගංගා නදිය හා සමාන මෙත් සිත
බිළාලභස්තා සමෙන චෙතසා ...බළල් සමින් කරන ලද පසුම්බිය හා සමාන මෙත් සිත

කකුචූපම සූත්‍රයෙන් ඉදිරිපත් කෙරෙන දර්ශනය ඉතා වැදගත්ය.

“මහ පොළොව මෙන් අකම්පීව අන්‍යයන්ගෙන් ඇතිවන ගැහැට ඉවසිය යුතුය. මහා ආකාශය මෙන් අන්‍යයන්ගේ හිරිහැර ඉවසා ඔවුන්ට අපමාණව මෛත්‍රි වැඩිය යුතුය. මහා ගංගාවක මෙන් සිසිලෙන් අන්‍යයන්ගෙන් ඇතිවන කෝපය තම සිතින් නිවා දැමිය යුතුය. අන්‍යයන්ගේ දෝෂාරෝපණය හමුවේ ඉවසිය යුතුය. ඒ ඉවසීම කෙතෙක් දුරට ප්‍රගුණ කළ යුතුද යන්න දක්වමින් උන්වහන්සේ යම් විටක යම් පුද්ගලයෙකු කියතක් ගෙන සිය ශරීර අවයව කැපූවත් ඉවසිය යුතුය යනුවෙන් දේශිතය. උතුම් මානසික ශික්‍ෂණයක් ඇති කර ගැනීමට ඉවහල් වන සූත්‍රයක් ලෙස මෙකී කකචූපම සූත්‍රය හඳුන්වා දිය හැකිය.

Labels:

බිළාලභස්ත්‍ර උපමාව (බළල් සමින් සෑදූ පසුම්බිය සම්බන්ධ)


මෙම උපමාව මෛත්‍රී සහගත සිතෙහි ප්‍රබලත්වය නැවතත් ගෙනහැර පෑමට ඉදිරිපත් කර ඇති තවත් උපමාවකි. මැනවින් මදු භාවයට පත්කළ බළල් සමින් කරන ලද පසුමබිමක් මඩින විට එයින් සර,සර, බර බර, හඬ නොනැඟේ. මිනිසෙක් එයින් හඬක් නිපදවීම සඳහා පළමුව එය ගෙන පොඩි කරයි. එහෙත් කිසිදු හඬක් නිකුත් නොවේ.

නැවතත් ගලක් හෝ මුගුරක්ගෙන එම පසුම්බියට පහර දෙයි. එහෙත් කිසිදු හඬක් නැත. මෙලෙස මෛත්‍රී සහගත සිත වර්ධනය කළ තැනැත්තාගේ මෙත් සිත වෙනස් කරන්නට හැකියාවක් කිසිවෙකුටත් නැත.

Labels:

තණ සුළකින් ගංගා නදිය තැවීමේ උපමාව


මිනිසෙක්, ගිනි හුළක් දල්වාගෙන ගොස් ගංගා නම් නදියේ ජලය වියළවා දමන්නට උත්සාහ කරයි. ඔහු ගිනි හුල ඔබනවාත් සමඟම එය නිවේ. එනමුදු, මිනිසා නැවත නැවත තම කාර්ය සිදු කළද හුදෙක් වෙහෙසට පත්වීම පමණක් සිදුවේ. මෙකී කටයුතු සියල්ල ගඟ උපේක්‍ෂා සහිතව භාර ගනී. එනමුත් වෙනසකට පත් නොවේ. පෙර සේම නැවත ගළයි. මෙසේ මෙත් සිතිවිලි වලින් යුක්ත වූ සිත කිසිවිටෙකත් කිසිම ලෙසකින් වෙනස් කළ නොහැකි බව බුදුරදුන් නැවත වරක් අවධාරණය කරයි.

මෙහිදී ද ගැඹුරු වූ අප්‍රමාණ වූ ගංගා නදිය මෙත් සිතට උපමා වේ. තණ සුළ ගෙන එන පුද්ගලයා වාග් ප්‍රහාර එල්ල කරන්නාට සමානයත මහා ජලස්කන්ධයක් ඇති ගංගා නදිය තණ සුළකින් කෙසේ නම් වෙනස් කළ හැකිවේද?

Labels:

අහසෙහි රූප ඇඳීමේ උපමාව


මෙත් සිත් වර්ධනය කළ සිතෙහි ප්‍රබලත්වය කියාපෑම සදහා යොදාගත් අනෙක් උපමාව මෙයයි. යම් කිසි මිනිසෙක් අහසෙහි චිත්‍රයක් ඇඳීමට සිතයි. ඒ සදහා ඔහු විවිධ තීන්ත වර්ග මෙන්ම පින්සල් ද රැගෙන අහසෙහි තීන්ත තවරා චිත්‍ර ඇඳීමට උත්සාහ කළත් කිසි විටෙකත් එකී අදහස ඔහු සිත තමට සාර්ථක නොවීය. ඊට හේතුව අහස අරූපීය.මෙහිදී ඔහු කරන කියන සියල්ල මම අහස නිහඬව, උපේක්‍ෂා සහගගතව ඉවසා දරයි.මෙසේ අනන්ත වූ අප්‍රමාණ වූ අහස මෛත්‍රි සිතට සමාන වේ. “මෙහි විවිධ වර්ණ රැගෙන පැමිණි තැනැත්තා වාග් ප්‍රහාර එල්ල කරන්නාට සමාන වේ. කවර හෝ වර්ණයකින් අහස සිතුවම් කරන්නට උත්සාහ කළ ද එය සිදුකළ නොහැක්කකි. එසේම කවර වචනයකින් ප්‍රහාර එල්ල කළද එයින් මෛත්‍රී සහගත සිත බිඳ දමන්නට හෝ වෙනස් කරන්නට කිසිසේත් හැකි නොවේ”

Labels:

පොළොව නොපොළොව කිරීමේ උපමාව


සිත විපරීත තත්වයට පත්වූ පුද්ගලයෙකු නැවතත් මෙත් සිත් සහිත පුද්ගලයෙකු බවට පත්කිරීමට කටයුතු කළ යුතු අයුරු පැහැදිළි කරනු වස් බුදුරදුන් මෙකී උපමාව භාවිත කරයි.

මේ මහපොළොව නොපොළොවත් කිරීමට මිනිසෙකුට සිතේ දැඩි අධිෂ්ඨානයක පිහිටන ඔහු උදැල්ලක් හා කූඩයක් රැගෙන පොළොවෙහි තැන තැන සාරයි. පස් එහෙ මෙහෙ ඉවත දමයි. දහඩිය හලයි. දැඩි වෙහෙසට පත්වන ඔහු තැන තැන කෙළ ගසයි. පොළොව නොපොළවක් වේවායි ශාප කරයි.අවසානයේ දැඩි වෙහෙස නිසාම ඔහු ක්ලාන්ත වේ. එහෙත් විශාල වූ පොළොවට යමක් කරන්නට ඔහු අසමත් වේ. මහ පොළොව හා සමාන අපමණ මෛත්‍රි‍්‍ර ඇති තැනැත්තාටද යමක් කරන්නට කිසිවකුටත් හැකියාවක් නොමැති බව මෙයින් පැහැදිලිවේ.

“ මජ්ක්‍ඡීම නිකායට්ඨ කථාවට අනුව මෛත්‍රි සහගත සිත මහ පොළොව හා සමානය. උදැල්ලත් හා කූඩයක් රැගෙන ආ තැනැත්තා රළු වාග් ප්‍රහාරයන් එල්ල කරන්නාට සමානය. උදැල්ලෙන් හා කූඩයෙන් පොළොව නොපොළොවක් කරන්නට අසමත් වන්නා මෙන් මෙත් සිත වර්ධනය කළ තැනැත්තාගේ සිතද වාග් ප්‍රහාරවලින් වෙනස් කළ නොහැකිය යන අදහස මෙකී උපමාවෙන් පැහැදිළි කරයි.

Labels:

සාලවන උපමාව


අකුසල හාපනය හා කුසල භාවනය හේතුවෙන් පුද්ගලයා තුළත් සසුන තුළත් අභිවෘද්ධියේ ස්වභාවය පැහැදිලි කිරීම සඳහා බුදුරදුන් මෙම සාලවන උපමාව සඳහන් කරති.

ගමක හෝ නියම් ගමක හෝ සමීපයේ ඉතා රමණීය ලෙස වැඩුණු සල්මලින්ද විහිදුණු අතු පතරින්ද පිරුණු විශාල සල් වනයක් විය. එනමුදු කල්ගතවීමේදී සල්ගසම පිළිල වලින් ගහණ වන්නට විය. එහෙයින් සල්ගස් එකින් එකට විනාශ වන්නට විය. මෙය දුටු එක් පරිසර හිතකාමීයෙකු මැරුණු සල් අතුද විනාශයට හේතුවු පිළිල වැල්ද ඉවත් කොට එමෙන්ම මනාව කෙළින් වැඩුණු සල්ගස් පිරිසුදු කොට පෝෂණය කිරීමටද පෙළඹෙයි. මෙසේ කළ කල්හි නොබෝ දිනකින්ම සල්ගස් නැවත පෙර පරිදිම අතු පතරින්ද මල් වලින්ද පිරී ගියේය.

මෙකී උපමාවේ සල් වනය භික්‍ෂු ශාසනයයි. මුලින් ලස්සනට තිබූ සල්ගස් වැනි සැරියුත් මුගලන් ආදී මහහරහතන් වහන්සේලා වූහ. පසු කලෙක විනාශයට පත්වන්නට ගිය සල් ගස් වැනි භික්‍ෂූහු පාප සිතිවිලි නමැති පිළිලවලින් විනාශයට පත් වන්නෝය. යථාවත් කරගත හැක්කේ පාපී සිතිවිළිවලින් සිත් පවිත්‍ර කර ගැනීමෙනි. රමණීය සල්මල් වනයක් වැනි භික්‍ෂු පිරිසක් ඇති කිරීම මෙම උපමාවේ හා සූත්‍රයේ අරමුණ වේ.

Labels:

අශ්වදම්‍යසාරථි උපමාව


මෙයින් බුදුරදුන්ගේ ප්‍රථමාභිසම්බෝධි යුගය හෙවත් විනය ශික්‍ෂා පැනවීමේ පූර්ව යුගයෙහි බුද්ධ ශ්‍රාවකයාගේ ස්වරූපය පැහැදිලි වේ. එනම් අවවාදයෙන් තොරව සිහිකර දීමෙන් පමණක් එම ශ්‍රාවකයන් සංවරයට පත්වූ අයුරු අශ්ව දම්‍යසාරථී උපමාවෙන් පැහැදිලි කරයි.

“සිවු මං සලෙක ගමනට සූදානම කොට
හික්මුණු අසුන් යෙදූ රියක් දක්‍ෂ රියදුරෙකු
විසින් කැමති ලෙස මෙහෙයවන්නාක් මෙන්”

“ මුල් යුගයේ ශ්‍රාවකයන් බුදුරදුන්ගේ අනුශාසනයකුදු
නොමැතිව සිහි ඉපදවීම් පමණකින් සංවර
වූ බවක් එමඟින් ප්‍රකාශ වේ.”

Labels:

Tuesday, November 29, 2011

සංයුත්ත නිකායේ ආසිවිසවග්ගයේ කුම්මෝප සූත්‍රය


“එවමෙව ඛො භික්ඛවේ තුම්හෙපි මාරො
පාපිමා සතතං සමිතං පච්චුපට්ඨිතො
අප්පෙවනාමාහං ඉමෙසං චක්ඛුතො වා
ඔතාරං ලභෙය්‍යං, සොතතොවා පෙ
ඝානතොවා - පෙ – ජිව්හාතොවා - පෙ -
කායතොවා - පෙ – මනතොවා - ඔතාරං
ලභෙය්‍යන්ති”
(සංයුත්ත නිකායේ ආසිවිසවග්ගයේ කුම්මෝප සූත්‍රය)

කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. සතරවරම් දෙවිවරුන්ගේ පාලකයා වන්නේ ශක්‍ර දෙවියා. නමුත් ශක්‍ර දෙවියත් පාලනය වන්නේ මාරයා යටතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ලෝකයේ අධිපතිභාවය අතරින් මාරයා අග්‍ර වෙනවා කියලා. පුද්ගලයා කෙලෙස්වලින් මිඳෙනවට මාරයා කොහෙත්ම කැමැති නෑ. ඊට හේතුව මාරයාට තැනක් නැතිවන නිසා.

කෙලෙස්වලින් සිත පිරී තිබෙන තරමට මාරයාගේ බැම්මට හසු වෙනවා පින්වතුනි. මෙයට කදිම නිදසුනක් වන්නේ සුර අසුර යුද්ධයයි. සුර දිව්‍ය කණ්ඩායමේ නායකයා ශක්‍ර දෙවියා. අසුර කණ්ඩායමේ නායකයා වේපචිත්ති. අසුර නායකයා කියනවා සුර යුද්ධයේදී සුරයන් පැරදුණොත් එහි නායකයා වන ශක්‍රයාගේ බෙල්ලයි අත් දෙකයි, පාද දෙකයි බැඳලා අසුර පුරයට ගේන්න කියලා. සුර නායකයා වන ශක්‍ර දේවේන්ද්‍රයන් කියනවා සුරයන්ට අසුරයන් පැරදුණොත් වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳලා සුධර්මා දිව්‍ය සභාවට ගේන්න කියලා. අන්තිමේදී අසුරයන් පැරදී වේපචිත්තිගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳගෙන දේව සභාවට ගෙනාවා. මෙහිදී බැන්දේ ලණුවලින් හෝ දම්වැල්වලින් නොවේ. සිතිවිලි රැහැනකින්ය. වේපචිත්ති අසුරයා විසින් සුරයන් හරිම ධාර්මිකයි. අසුරයන් අධාර්මිකයි කියලා හිතන කොට බැඳීම්වලින් නිදහස් වෙනවා. හැබැයි අසුරයන් ධාර්මිකයි සුරයන් අධාර්මිකයි කියලා හිතනකොට බැඳීම් තව තවත් වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුර බන්ධනය මේ තරම් සියුම් දෙයක්. ඊට වැඩිය මාර බන්ධනය සියුම් කියලා. මාර බැම්මට හසුවන්නේ ‘මම’ යන හැඟීමෙනි. මාරයා බුදුරජාණන් වහන්සේට හා බුදු සව්වන්ට නිතරම කරදර කරන්නමයි බලන්නේ. ම.නි. මාරතඡජනීය සූත්‍රයේ සඳහන් වෙනවා.

මුගලන් මහරහතන් වහන්සේ සක්මනේ යෙදී සිටියදී කුස තෙරපන්න පටන්ගන්නවා. ධාන්‍ය පිරූ මල්ලක් වගේ විශාල වෙනවා. විශාල වේදනාවක් ඇති වෙනවා. මීට හේතුව කුමක්දැයි දිවැසින් බලන විට වසවත්තී මාරයා කුස තුළ සැඟවී සිටිනවා. පසුව මුගලන් රහතන් වහන්සේ තම කටහඬ අවදි කරනවා. ‘එම්බා මාරය, නුඹ සිටිනා තැන මට හොඳින් පේනවා’ යනුවෙන් කියනවාත් සමග පවිටු මාරයා කුස තුළින් නික්මී ආවාස කුටියේ දොර කවුළුවේ සැඟවී සිටියා. මුගලන් හාමුදුරුවෝ උඹ දන්නවාද මමත් මේ භද්‍ර කල්පයේ පහළ වූ ප්‍රථම බුදුරජාණන් වහන්සේ වන ‘කකුසඳ’ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ‘දුසී’ මාරයා වෙලා හිටියා. ඒ කාලේ මාත් බුදුරජාණන් වහන්සේට හා බුදු සව්වන්ට නිතරම හිරිහැර කළා. කොහොමද කළේ. සිල්වත් ගුණවත් භික්‍ෂූන් වහන්සේලා පිණ්ඩපාතේ වඩින කොට භාවනා කරන කොට බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වී පහත් වචනයෙන් බැන වැදුණා. එවිට කකුසඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෛත්‍රීය කරුණාව ප්‍රගුණ කරන ලෙසටයි. එතැනදීත් මට භික්‍ෂූන්ගේ දෝෂයක් සොයා ගන්න බැරි වුණා. පසුව බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වන්නේ වෙනස් ස්වරූපයෙනි. එනම් ලාභ සත්කාර කිරීමට පොළඹවීමෙනි. නමුත් බුදුරජාණන් වහන්සේ එවිට දේශනා කරන්නේ, ‘මහණෙනි කයෙහි අශුභය නුවණින් වඩන්න. ආහාර පටික්කූල සංඥාව මෙනෙහි කරන්න. සියලු ලෝකයෙහි නොඇලීමෙන්ද සියලු සංස්කාරවල අනිත්‍යතාවය මෙනෙහි කරමින්ද වාසය කරන්න යනුවෙනි. එමගින්ද ‘දුසී’ මාරයාට කිසිදු ඉඩක් නොලැබුණි.

Read more »

Labels:

අග්නි හා ජලස්කන්ධයන් අතරින් සවනක් ඝන බුදුරැස් විහි දෙන්නාහ


ශ්‍රී ශරීරයෙන් නාභියෙන් මත්තේහි තුන්ලොවටම පැතිරෙන්නාවු මහා ගිනි කදක් නැගෙන්නාහ. නෑවත නාභියෙන පහත ශ්‍රී ශරීරයෙන් මහා දිය කදක් පැතිරෙන්නාහ. මෙලෙස මාරුවෙන් මාරුවට ඉහල වු ශ්‍රීශරීරයෙන් නැවත ජල ධාරවන්ද .. පහත වූ ශ්‍රී ශරීරයෙන් ගිනි ජාලවන්ද පැතිරෙන්නාහ.

මෙලෙස බුදු රදුන්ගේ ශ්‍රී මුඛයෙන් පිට දිශායෙන් , දිය කදෙක්ද නැවත ඒවායින් මාරුවෙන් මරුවට පෙරලි ගිණි කදක්ම නික්මෙන්නාහ. එලෙසම දකුනු ඇසින් නාඹ තල් කද සා ගිනි කදෙක් නැගෙන්නේය. වමැසින් නාබ තල් කද සා දිය කදක් නැගෙන්නේමය. මෙලෙස මාරුවෙන් මාරුවට දෙකන් වලින් , නාසයෙන්, දකුනු හා වම් දසරුයෙන්ද, දකුනු හා වම් ශ්‍රී හස්තයන්ගෙන්ද දකුනු හා වම් ශ්‍රී පාදයන්ගෙන්ද නැවත එකී එකී ඇගිල්ලෙන්ද ඒ ඒ ඇගිළි හසු හස්සෙන්ද සියලු ශ්‍රී ශරිරයෙහි ඒකි ඒකි රොමයන්ගෙන්ද ඒකි ඒකි රොම කූපයන්ගෙන්ද මෙලෙස පෙළහර පාන්නාහ.

මේසේ නැගෙන්නවු අග්නි හා ජලස්කන්ධයන් අතරින් සවනක් ඝන බුදුරැස් විහි දෙන්නාහ .. මුලු සක්වල මැඩ ගෙන දිවෙන්නාහ

මෙසේ පෙළහර පාන්නාවු බුදු රදුන් එකින් එක වු අග්නිස්කන්දයන්ටද .. ජලස්කන්ධයන්ටද තේජෝකසින හා ආපෝකසින සමාධියට සමවදින සේක. සවනක් ඝන බුදු රැස් වෙන වෙනම නීල කසින පීතකසිණාදි සමවත් සමවදනා සේක. එම විගසම ශ්‍රි සද්ධර්මය වදාලන සේක. අප්‍රමාණ සත්වයින් සාදු කාර දෙන අතර තුර වෙන වෙනම ඔවුන්ගේ රාගී වූද , දෙවේශී වූ මෝහි වූ වික්ශිප්ත වු, සoක්ෂිප්ත වු, සමහිත වු, සිත දැන ඔවු නොවුනට වෙන වෙනම ඇසෙන සේ ශ්‍රි සදර්මය දේශනා කරන් සේක.

Labels:

Monday, November 28, 2011

මානව වර්ගයා නැමති වෘක්ෂයේ සුපුෂ්පිත පුෂ්පය බුදුරජානන් වහන්සේය.


මහාචාර්‍ය මාක්ස් මලර්
"බුදුරජානන්වහන්සේ උන්වහන්සේ දේශනා කල සියළු ධර්මයන්හි ප්‍රති මුර්තියක් වැනි විය. උන්වහන්සේගේ සාර්ථක වුත් වැදගත් වුත් 45 වසරක ධර්ම ධුත සේවා කාලය තුල තමාගේ සියළු වදන් ක්‍රියාවට නැගුහ. කිසිම තැනකදී උන්වහන්සේ මිනිසු දුබලතාවයන්ට හා රාගයට ඉඩන් නොතැබුහ. ලොකයා මෙතෙක් දුටු අංග සමිපුර්ණ අති පාරිශ්ද්ධ ශිලය බුදුන්වහන්සේගෙන් පිළිබිදඹු විය."

බර්ට්‍රන්ඩි රසල්
"ප්‍රඥාවන්ත බවින් හෝ ශිලවන්ත බවින් ජේසුස් වහන්සේ ඉතිහාසයේ තමාට සම මටිටමක සිටි අන් අයට වඩා ඉහලින් සිටි බවක් මට නොහැගේ. මෙ පිළිබදව බුදුරජාණන් වහන්සේ ජේසුස්වහන්සේට වඩා ඉහල මටිටමක තැබිය යුතු යැයි මම සිතමි."

සර් එඩිවින් ආර්නොල්ඩි
"මහා ප්‍රඥාවෙ සුවදින් ලොව සුවදවත් කරමින් මහා කරැණාවෙ අමාබිදු ලොවට වස්වමින් අසංඛ්‍ය කල්ප ගණනකට පසු මානව වර්ගයා නැමති වෘක්ෂයේ සුපුෂ්පිත පුෂ්පය බුදුරජානන්වහන්සේය. "

අබිදුල් අතෙයියා
"මානව සංහතියේ අති උත්තම මනුෂ්‍යයා දැකිමට ඔබ කැමැත්තක් දක්වන්නේ නමි යාචක වස්ත්‍රයෙන් සැරසුන අධිරාජ්‍යයා දෙස බලන්න. සිය අති පාරිශුද්ධත්වයෙන් මිනිසුන් අතර ශේෂ්ඨත්වයට පත්ව ඇත."

මහාචාර්‍ය සොන්ඩර්ස්
"මිනිස් සංහතියේ වැඩිම සංඛ්‍යාවකින් අභිවන්දනය පුජනය ලැබූ එකම පුදගලයා ලෙස බුදුරජානන් වහන්සේ පහසුවෙන් දැක්විය හැක."

මොනි බැගී
"බුදුරජානන්වහන්සේ මිනිසාට කරැණාව දැක්වු විර්‍යවන්ත භාවය හා තේජස් ඇත්තාවු. දාර්ශනික බුද්ධියේ ශේෂ්ඨවන්තයා මෙන්ම පුරෝගාමියා වුහ. දැනුම නමි වු උප්ලත වටා කලබලකාරිව තෙරපී තෙරපී සිටි කිසිම මිනිසෙකුට හෝ ගැහැණියකට උන්වහන්සේ දේශනා කල කිසිවක් වසර 2500 කට පසුවත් බැහැර කල හැකි නොවෙය. උන්වහන්සේගේ ප්‍රඥාවටත් වඩා ආදර්ශය උතුමි වෙ."

Read more »

Labels:

යොග විසංයොග සූත්‍රය


1. “මහණෙනි, මේ (සසරෙහි බඳින අත්‍ර්‍ථයෙන්) යෝගයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක්ද යත්?

2. “කාමයෝගය, භවයෝගය, දිට්ඨියෝගය, අවිජ්ජායෝගය යන සතර දෙනයි.

3. “මහණෙනි, කාමයෝගය කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් කාමයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, කාමයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදන්නාවූ ඔහුට කාමයන්හි යම් කාමරාගයක් ඇද්ද, කාම සතුටක් ඇද්ද, කාම ස්නේහයක් ඇද්ද, කාම මූර්ඡාවක් ඇද්ද, කාම පිපාසයක් ඇද්ද, කාම දැවිල්ලක් ඇද්ද, කාමයට බැස ගැන්මක් ඇද්ද, කාම තෘෂ්ණාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ කාමයොගයයි කියනු ලැබේ. කාමයොගය මෙසේයි.

4. ” භවයොගය කෙසේ වේද මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් කෙනෙක් රූපාරූප භවයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, භවයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදක්නාවූ ඔහුට භවයන්හි යම් භවරාගයක් ඇද්ද, භව සතුටක් ඇද්ද, භව ස්නේහයක් ඇද්ද, භව මූර්ඡාවක් ඇද්ද, භව පිපාසයක් ඇද්ද, භව දැවිල්ලක් ඇද්ද, භවයට බැස ගැන්මක් ඇද්ද, භව තෘෂ්ණාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ භවයොගයයි කියනු ලැබේ. කාමයොගය හා භවයොගය මෙසේයි.

5. ” දෘෂ්ටියෝගය කෙසේ වේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් දෘෂ්ටීන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොෂයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, දෘෂ්ටීන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදක්නාවූ ඔහුට දෘෂ්ටීන්හි යම් දෘෂ්ටිරාගයක් ඇද්ද, දෘෂ්ටි සතුටක් ඇද්ද, දෘෂ්ටි ස්නේහයක් ඇද්ද, දෘෂටි මූර්ඡාවක් ඇද්ද, දෘෂ්ටි පිපාසයක් ඇද්ද, දෘෂ්ටි දැවිල්ලක් ඇද්ද, දෘෂ්ටියට බැස ගැන්මක් ඇද්ද, දෘෂ්ටි තෘෂ්ණාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ දෘෂ්ටියොගයයි. කාමයොගය, භවයොගය දෘෂ්ටියොගය මෙසේයි.

6. “අවිද්‍යා යොගය කෙසේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් සවැදෑරුම් චක්‍ෂුර්ස්පර්‍ශාදී කාරණයන්ගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ ස්පර්‍ශායතන සයදෙනාගේ උත්පත්තියද, විනාශයද, මධුර භාවයද, දොසයද, නික්මීමද තත්වූ පරිද්දෙන් නොදක්නාහට ෂඩ්විද ස්පර්‍ශායතනයන් කෙරෙහි යම් නොදැනීමයයි කියන ලද අවිද්‍යාවක් ඇද්ද, එය උපදී. මහණෙනි, මේ අවිජ්ජා යොගයයි කියනු ලැබේ. කාමයොගය, භවයොගය, දිට්ඨියොගය, අවිජ්ජායොගය මෙසේයි.
Read more »

Labels:

Saturday, November 26, 2011

කොසොල් රජතුමාගේ දහසයවන සිහිනය


ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා දුටු දහසය වන සිහිනය නම් එළුවන් විසින් අදුන් දිවියන් ගොදුරු කර ගැනීමකි.එළුවන් විසින් අදුන් දිවියන් පසු පස හඹාගොස් ඔවුන් ගොදුර කර ගනිත්. ස්වාමීනි එළුවන් දුටුවිට අදුන් දිවියන් බියවී වනාන්තරයෙහි සැගවෙත්. ස්වාමීනි, මෙම අවසාන සිහිනයේ තතු කෙසේද?

බුදුරජාණන්වහන්සේ:
මහරජතුමනි, අනාගතයේදී අධර්මිෂ්ට රජවරු ලොව පහල වූ විට ඔවුන් පහත්, නීච ගති ඇත්තන් තනතුරුවලට පත්කරති. අනතුරුව සම්භාවනීය පුද්ගලයන් තනතුරු වලින් පහකර හරිනු ඇත. ඉන්පසු උසස් පුද්ගලයන්ගේ ධනය කොල්ල කති. එවිට සම්භාවනීය පුද්ගලයන් දිවිරැක ගැනීම සඳහා ගේදොර අතහැර පලාගොස් සැගවෙති.මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ පහළොස්වන සිහිනය


ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා දුටු පසළොස් වන සිහින නම් කපුටෙකු රන්වන් හංස රංචුවක විසින් පිරිවරා සිටීමය.මේ සිහිනයේ විපාක මොනවා ද ස්වාමීනි?”

බුදුරජාණන්වහන්සේ:
රජතුමනි, අනාගතයේ දී කිසිදු යුධ ශිල්පයක් නොදත් රජවරු පහලවෙත්. ඔවුන් බියගුල්ලෝය. ඔවුන්ගේ අණසක පවතින්නේ තම පරිවාර සේනාව සමග පමණි. රාජ්‍යත්වය පිරිහී තනතුරුවලට නීචයන් පත් වී එම නීචයන් හා එකට විසීමට රජවරුන්ට සිදුවන්නේය.එය කවුඩා පිරිවරාගත් හංසයන් මෙන් දතයුතුය.මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ දහ හතරවන සිහිනය


“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා දුටු දහ හතර වන සිහිනය නම් කුඩා මැඩියන් විශාල නාගයන් ගිලදැමීමය.මේ සිහිනයේ විපාක මොනවා ද ස්වාමීනි?”

බුදුරජාණන්වහන්සේ:
රජතුමනි, අනාගතයේදී බොහෝ පිරිමින් වියපත් වුවද තරුණ කාන්තාවන් සමග සල්ලාලකම් වල යෙදෙති. මෙම තාවකාලික අඹුවන් සොර සැමියන් වහළුන් බවට පත් කොට සලකති.මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ දහතුන්වන සිහිනය


“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා දුටු දහතුන් වන සිහිනය නම් සුවිසල් පර්වත දියෙහි පාවී යාමය..මේ සිහිනයේ විපාක මොනවා ද ස්වාමීනි?”

බුදුරජාණන්වහන්සේ:
රජතුමනි, අනාගතයේ දී සම්භාවනීය පුද්ගලයෝ තනතුරුවලින් නෙරපා පහත් පුද්ගලයින් සේවයේ යොදවත්. මෙමගින් සමාජ සංස්ථාව මහත් පීඩාවට පත්ව රාජ්‍ය ද පිරිහී යන බව දත යුතුය.මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ දොළොස්වන සිහිනය


“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා දුටු දොළොස් වන සිහිනය නම් ලබු කබල් දියෙහි කිදා බැසීමය.මේ සිහිනයේ විපාක මොනවා ද ස්වාමීනි?”

බුදුරජාණන්වහන්සේ:
මහරජතුමනි, මෙම සිහිනයද අනාගතයේ අධර්මිෂ්ට රජවරු නිසා ඇතිවන්නකි. මෙම යුගයේදී නොයෙක් නීච කුල ජාතිකයන් රජ වෙති. එවිට පහත් ගති ඇත්තේ බලයට පත්වෙති. එවිට ලාමක ගති ඇත්තන් අධිකරණ සේවයේ යෙදවීම නිසා නීතිය වල් වැදී යන බව මෙයින් කියවෙන්නේය.මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ එකොළොස්වන සිහිනය


“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි. මේ සිහිනයේ විපාක මොනවා ද ස්වාමීනි?”

බුදුරජාණන්වහන්සේ:
මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ දසවන සිහිනය


“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එක ම හැලියේ ඉදෙන බත අපාක වෙනවා දැක්කා. අපාක වෙනවා කියන්නේ පලා බෙදා තැබුවාක් වගේ බත ඉදෙන්නේ තුන් විදියකට යි. ඒ කියන්නේ එක කොටසක් හොඳට ම බෙරි වෙනවා. තවත් කොටසක් නො තැම්බුණු සහල් වලින් යුක්ත යි. අනෙක් කොටස හොඳට ඉදෙනවා. එක ම බත් හැලියේ බෙරි වුණ බතු යි, හාලු යි, හොඳට ඉදුනු බතු යි කියන තුන් කොටස ම තියෙන විදියට තමයි ඉදෙන්නේ. මේ සිහිනයේ විපාක මොනවා ද ස්වාමීනි?”

“මහරජතුමනි, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගත‍යේ යි. අනාගතයේ රජවරු අධාර්මික වෙනවා. රජවරු අධාර්මික වූ විට රාජකාරිවල යෙදී සිටින පුද්ගලයින් ද, බ්‍රාහ්මණ ගෘහපතිවරු ද, ගම් නියම් ගම් වැසියන් ද, ශ්‍රමණබ්‍රාහ්මණයින් ද ඇතුළු මේ සියලු මිනිසුන් අධාර්මික වෙනවා. එතකොට ඒ පිරිස් වලට අරක්ගත් දේවතාවන්, බලි බිලි පිලිගන්නා දේවතාවන්, වෘක්ෂ දේවතාවන්, ආකාසවාසී දේවතාවන්, ඇතුළු දේවිවරුද අධාර්මික වෙනවා. අධාර්මික රජවරුන් ගේ ගේ රටවල් වල විශම වූ මහා සුළං හමා යනවා. ඒ සුළං ආකාසයේ පවතින දේවතා විමාන කම්පා කරනවනවා. එම විමාන කම්පා වූ විට ඒ විමන් වැසි දෙවියන් කුපිත වෙනවා. කුපිත වී වැසි වසින්නට නො දෙනවා. වසින් වැස්සක් වුණත් මුලු රටට ම එක වගේ වහින්නේ නැහැ. වැස්සක් වැස්සත්, ගොවිතැන් ආදියට උපකාර වන විදියට වහින්නේ නැහැ. නගරයේ යම් සේ ද, ඒ ආකාරයෙන් ම පිටිසර ත්, වැව් පොකුණු විල් වලටත් එක වගේ වහින්නේ නැහැ. වැව් ඉස්මත්තට වහිනවා නම් වැව යට ප්‍රදේශයට වසින්නේ නැහැ. යට ප්‍රදේශයට වසිනවා නම් වැව් ඉස්මත්තට වහින්නේ නැහැ. සමහර ප්‍රදේශවල ගොයම් අධික වර්ෂාව නිසා විනාශ වී යනවා. සමහර ප්‍රදේශවල ගොයම් වැස්ස නැති නිසා මැරී යනවා. සමහර ප්‍රදේශවල පමණක් සම වර්ෂාව ඇති වී හොඳින් අස්වනු ලැබෙනවා. මේ විදියට එක ම රජ ‍කෙනෙකුගේ රාජ්‍යයේ වපුරණ ලද ගොයම් එක හැලියේ පැහෙන බත් තුන් කොටසක් වූවා ක් වගේ තුන් විදියකට තමයි පැහෙන්නේ. මේ කාරණය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ නවවන සිහිනය


“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, පඤ්ච වර්ණ නෙලුම් වලින් යුක්ත ගැඹුරු හැම පැත්තෙන් ම තොටුපල තිබෙන පොකුණක් දැක්කා. ඒ පොකුණට හැම පැත්තකින් ම සිව් පා දෙපා සතුන් බැහැලා පැන් බොනවා. ඒ විලේ ගැඹුරු වූ මැද වතුර කැළඹිලා මඩ වෙලා තිබුණා. නමුත් ඒ විලේ සතුන් බහින ඉවුර හරියේ වතුර නො කැළඹී, හොඳට පෑදිලා තිබුණා. මේක තමයි මම දැක්ක නව වෙනි හීනය. ස්වාමීනි, මේ හීනයේ විපාක මොනවා ද?”

” මහරජ, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගතයේ යි. අනාගතයේ රජවරු අධාර්මික වෙනවා. සතර අගතියට ගොස් රාජ්‍යපාලනය සිදු කරනවා. ධාර්මික ව කටයුතු විසඳන්නේ නැහැ. අල්ලස් ගන්නවා. ධන ලෝලී වෙනවා. රට වැසියන් කෙරෙහි ශාන්තියක් දයානුකම්පාවක් දක්වන්නේ නැහැ. සැඩ ඵරුස විදියට මිනිසුන්ව පීඩාවට පත් කරමින් අය බදු ගනිමින් මිනිසුන් ගේ ධනය ලබා ගන්නවා. මිනිසුන් අය බදු ගෙවා ගන්නට නො හැකි ව ගම් නියම් ගම් ආදිය හැර දමා දුර ඈත ප්‍රදේශවලට ගොස් ජීවත් වෙන්නට පටන් ගන්නවා. මධ්‍යම ජනපද ශූන්‍ය වී යනවා. ප්‍රත්‍යන්ත දුර ඈත ජනපද මිනිසුන් ගෙන් පිරී යනවා. ඒක හරියට පොකුණේ මැද වතුර මඩ වී ඉවුරු සමීපයේ පෑදී පවතිනවා වගෙ යි. මේ හේතුවෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ අටවන සිහිනය


“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාලිගා වේ දොරකඩ පැන් පිරුණු එක විශාල කලයක් තිබ්බා. ඒ කලේ වටේට තවත් හිස් කල ගොඩක් තබා තිබුණා. ක්‍ෂත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ සතර කුල වල මිනිසුන් අට දිසාවෙන් ම කලවලට වතුර අරගෙන ඇවිත් අර පැන්පිරී තිබුණු විශාල පිරුණු කලය ම පුරවනවා. ඒ විදියට පැන් වත් කර‍නකොට වත් කරන වත් කරන පැන් පිරී ඉතිරි ඉතිරී ගලා ගෙන යනව. ඒත් ආයි ආයිමත් ඒ පිරුණු කලේට ම පැන් වත් කරනවා. හිස් වූ කල දිහා බලන කෙනෙක් වත් නැහැ. මේක තමයි මම දැක්ක අටවෙනි හීනය. ස්වාමීනී, මේ හීනයට විපාක මොනවා ද?”

“මහරජතුමනි, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගතයේ ම යි. අනා‍ගතයේ ලෝකය පිරිහිලා යනවා. රටරාජ්‍ය දුප්පත් වෙනවා. රජදරුවනුත් දුප්පත් වෙලා අකුසලයට බර වෙනවා. යම් රජ කෙනෙක් ඉසුරුමත් ව වාසය කරනවා නම් ඔහු ගේ භාණ්ඩාගාරයේ පවා කහවණු ලක්ෂයක් වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒ රජවරු මේ විදියට දුප්පත් වුනා ම ගම් රට වාසී මිනිසුන් ලවා තමන් ගේ ම වැඩකටයුතු කර්මාන්ත ආදිය කරවනවා. රාජකාරි වලින් මිනිසුන් පීඩාවට පත් වෙනවා. ඒ විදියට පීඩාවට පත් වෙලා තමන් ගේ කර්මාන්ත අත්හැර දමලා රජ දරුවන් උදේසා ම වී, මුං, තල ආදී දේ ත් අනෙකු ත් වන ආරාම මල් ඵල වැල ආදියත් වගාදිගා කරනවා. රජ දරුවන් වෙනුවෙන් ම සේවය කරනවා. ගොවිතැන් බත් වලින් ලැබෙන වී ආදී දේ අරගෙන ගොස් රජ්ජුරුවන් ගේ ම භාණ්ඩාගාරය ‍පුරවනවා. තමන් ගේ ගෙදර හිස් වී ගිය කොටුගුල් ආදිය දිහා බලන්නෙවත් නැහැ. ඒක හරියට හිස් වූ කල දිහා නො බලා, පැන් පිරුණු කලයට ම පැන් පුරවනවා වගෙ යි. මේ සිහිනය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ හත්වන සිහිනය


“සවාමීනි භාග්‍යවතුන් වහන්ස, එක මිනිහෙක් ලනුවක් අඹර අඹරා තමන් ගේ පාමුල තබනවා. ඒ පුරුෂයා ඉඳගෙන හිටපු පුටුව යට වැතිරිලා ඉන්න හැකිලුනු කුස ඇති හිවල් දේනුවක්, ඒ පුරුෂයාට නො දැනෙන විදියට ඒ ලනුව කනවා. මේක තමයි මම දැක්ක හත් වෙනි හීනය. ස්වාමීනි, මේ මගේ හත්වෙනි හීනයට විපාක මොනවා ද?

“මහරජ, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගත‍යේ ම යි. මහරජතුමනි අනාගතයේ සත්‍රීන් පුරුෂයන් කෙරෙහි ලොල් වෙනවා. ලස්සනට සැරසෙන්නට ලොල් වෙනවා. පාරවල් ගානේ ඇවිද ඇවිද ඉන්න ලොල් වෙනවා. සැප සම්පත් වලට ලොල් වෙනවා. දුශ්ශීල වෙනවා. දුරාචාරයේ හැසිරෙනවා. ඒ විදියට කාමයන්ට ලොල් වුන ස්ත්‍රීන් තමන් ගේ පුරුෂයන් ගොවිතැනින්, වෙළඳාමෙන් ආදියෙන් බොහෝ වෙහෙස මහන්සි වී රැස් කරන ධන සම්පත් ආදිය හොර මිනිසුන් සමග එක් වී, මත් පැන් බොමින්, සැරසෙමින්, සුවඳ ගල්වමින්, මල් පළඳමින්, විනාශ කරනවා. නිවෙස් වල අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු කටයුතු පවා මග හරිනවා. ඔවුන් විමසිලිමත් වන්නේ සොර සැමියන්‍ ‍ගේ යාම් ඊම් ආදිය කෙරෙහි යි. වැපිරීමට තිබෙන ධන ධාන්‍ය ආදිය පවා වැය කරමින් සොර සැමියන්ට කෑම් බීම් ආදිය සපයනවා. සිය ස්වාමියා වෙහෙස වී රැස් කරන ධනය සොර මිනිසුන් සමග එක් වී ඒ අයුරින් කා දමනවා. එය හරියට ලණුව අඹරන මිනිසා‍ ගේ පුටුව යට සිටින කැනහිල් දේනුව හොරෙන් ම ඒ වර මන්ද කා දමනවා වගෙයි. මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ

Labels:

කොසොල් රජතුමාගේ හයවන සිහිනය


“ස්වාමීනි, මහජනයා ලක්‍ෂයක් වටිනා රන්තලියක් අරගෙන මේක මැද මුත්‍රා කරන්ට යැ යි කියා, එක්තරා නාකි නරියෙක් අසල ඒ තලිය තැබුවා. ඒ නාකි කැනහිලා ත් ඒ ඝනරන් තලියේ මුත්‍රා කළා. මේක තමයි මම දැක්ක හය වෙනි හීනය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මේකට විපාක මොනවා ද?”

“රජතුමනි, මේ සිහිනයට ත් විපාක අනාගතයේ ම යි සිදු වන්නේ. මහරජ අනාගතයෙහි ජාතිසමපන්න නො වන්නා වූ අධර්මිෂඨ රජදරුවෝ ජාති සමපන්න කුලපුත්‍රයන්ට ‘මොවුන් අපට කිසියම් අනතුරක් කරයි දෝ..?’ කියන සැකයෙන් යුතු ව යසස් ලබා දෙන්නේ නැහැ. ජාති සම්පන්න නො වන අයට යසස් ලබා දෙනවා. ඒ පිරිස් ම වර්ධනය කරනවා. මේ නිසා මහා සම්පත් ඇති ජාතිසම්පන්න මිනිසුන්ට ජීවත් වී ගන්නට නො හැකි වෙනවා. ඒ නිසා ඔවුන් ජීවත් වීම පිණිස, ජාති සම්පන්න නො වන අයට දූ දරුවන් පාවා දෙනවා. මේ විදියට ඒ ජාති සම්පන්න කුලදූවරුන්, ජාති සම්පන්න නො වන අය ත් සමග කරන සංවාසය හරියට නාකි හිවලෙක් රන්තලියක මූත්‍රා කරනවා වගෙ යි. මේ සිහිනයෙනු ත් ඔබට නම් භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ පස්වන සිහිනය


“සවාමීනි, මම දෙපැත්තෙන් ම කටවල් දෙකක් තියෙන අශ්වයෙක් ව දැක්කා. ඒ අශ්වයාට ඒ කටවල් දෙකෙන් ම කන්න පුලුවනි. ඉතින් ඒ අශ්වයා දෙ‍පැත්තෙන් ම කනවා. මේක තමයි මම දැක්ක පස්වෙනි හීනය. මේ හීනයේ විපාක මොනවා ද?”

“මහරජතුමනි, මේ හීන‍යේ කරුණු ත් අනාගතයේ අධර්මිෂ්ඨ වූ රජදරුවන් කාලයේ තමයි ඇති වන්නේ. අනාගතයෙහි අධාර්මිෂ්ඨවූ අඥාන වූ රජදරුවෝ තමනුත් අධර්මිෂ්ඨ වෙලා අධර්මිෂ්ඨ මිනිසුන් ව නඩු විසඳීම පිණිස, අධිකරණ වල යොදවනවා. ඒ මිනිස්සුන්ට කුසල් අකුසල් ගැන වැටහීමක් නැහැ. ඒ අය අධිකරණ ශාලාවේ විනිශ්චය කරන්නට ගිහින්, පැමිණිලි කරුවන් අතින් වගේ ම විත්ති කරුවන් අතිනුත් අල්ලස් ගන්නවා. හරියට කටවල් දෙකකින් කන අශ්වයා වගේ දෙපැත්තෙන් ම අල්ලස් කනවා. ‍මේ හීනය නිසා ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ සතරවන සිහිනය


” ස්වාමීනී, ආරෝප පරිණාහ සම්පන්න, මහ ගොනුන් අගට යොදා තරුණ වූ ගොන් නාම්ඹන් කරත්තවල, බර ඇදීම සඳහා මුලට යොදනවා. ඒ ගොන් නාම්ඹන්, මුලට දැම්මට පස්සේ බර ඇද ගන්නට බැරිව කරෙන් විය ගහ පැත්තකට දමා සිටිනවා මම දැක්කා. ඒ නිසා ගැල් කරුවන්ට කැමති තැනකට ගිහින් වෙළහෙළඳාම් කටයුතු ආදිය සාර්ථක කර ගන්නට පුලුවන් වුණේ නැහැ. මේක තමයි මම දැක්ක හතර වෙනි හීනය. ස්වාමීනී, මේකේ විපාක කොහොම ද?”

” මහරජතුමනි, මේ සිහිනයේ කාරණා ත් අනාග‍යේ අධාර්මිෂ්ඨ වූ රජදරුවන් ගේ කාලයේ තමයි ඇති වෙන්නේ. අනාගතයේ පහළ වෙන අධාර්මිෂ්ඨ වූ කුසලයෙන් තොර වූ රජදරුවෝ, නුවණැති වූ පරම්පරාවන් ගෙන් පැවැත එන, ඒ ඒ කටයුත්ත සාර්ථක ව කරන්නට දක්ෂ වූ මහා අමාත්‍ය වරුවන්ට යස පිරිවර දෙන්නේ නැහැ. රාජ කාර්යයන් විචාරණ, ස්ථානෝචිත ප්‍රඥා ඇති, නඩු විස‍ඳන්නට දක්ෂ වූ, පුරාණ පරම්පරාවලින් පැවත එන, වයෝවෘද්ධ අමාත්‍යයන් අධිකරණය කටයුතු වලට යොදවන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධ වූ බාල අමාත්‍යයින්ට යස පිරිවර ලබා දෙනවා. ඒ වගේ ම බාල වූ පිරිස් අධිකරණයන් ගේ යොදවනවා. ඒ තරුණ අමාත්‍යවරු රාජකාරි කටයුතු දන්නෙ ත් නැහැ. යුක්තිය අයුක්තිය
දන්නෙත් නැහැ. තමන්ට දුන් යසස දරා ගන්නට ත් ඔවුන්ට බැහැ.
මහලු නුවණැති අමාත්‍යවරු ත්, තමන්ට යසස් නො ලැබීම නිසා, රාජකාරි කටයුතු කරන්නට හැකියාව තිබුණ ත්, “දැන් අපිට මේ රාජකාරි වලින් මොන වැඩක් ද? අපි දැන් යන්ට යමු, මේ බාල ඇමතිවරු ම ඒ රාජකාරි කරාවි” කියලා කළ යුතු රාජකාර්යයන් කරන්නේ නැහැ. එතකොට සම්පූර්ණයෙන් ගැල් බර උහුලන්ට අසමත් ගොන් නාම්බන් ගැල් හිසෙහි යෙදුවා වගේ, ගැල් බර උහුලන්ට සමත් වූ මහ ගොනුන් අගට යෙදුවා වගේ ඒ රජ දරුවන්ට පරිහාණියක් ම යි සිද්ධ වෙන්නේ. මේ කාරණයෙන් ඔබට බයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ තුන්වන සිහින


“සවාමීනි භාග්‍යවතුන් වහන්ස, මම එදා ම උපන් වස්සන් ගෙන් දෙනුන් කිරි බොනවා දැක්කා. ඒක තමයි මම දැක්ක තුන් වෙනි හීනය. මේකේ විපාක මොනවා ද?”

“මහ රජතුමනි මේ සිහිනයේ කාරණා ත් සිදු වන්නේ අනාගත කාලයේ යි. ඒ අනාගත කාලයේ මිනිසුන් අතර පවතින වැඩිහිටියන්ට ගරු කිරීමේ ගුණය විනාශ වෙලා යනවා. දරුවෝ, මව් පියන්කෙරෙහි සහ නැදිමයිලන් කෙරෙහි ලැජ්ජාභයක් නො මැතිව තමන් ට ම කැමැති කැමති අය ත් සමග අවාහ විවාහ ආදිය කර ගන්නවා. ගෙවල් දොරවල් හදා ගන්නවා. ගෙවල් දොරවල් වල පාලනය තමන් අතට ගන්නවා. කැමති අය විතරක්
වැඩිහිටියන්ට කන්ට බොන්ට අදින්ට පලදින්ට දෙනවා. අකමැති අය නො දී ඉන්නවා. ඒ වැඩිහිටියන්, ගුරු දෙමව්පියන් අනාථ වෙනවා. අසරණ වෙනවා. තමන් ට ස්වාදීනව ජීවත් වෙන්නට නො හැකි තත්වයට පත් වෙනවා. එදා ම උපන් වස්සන් ගෙන් දෙනුන් කිරි බොන්නාක් වගේ දරුවන් ගේ සිත් දිනාගෙන ඔවුන් කියන කියන විදියට ජීවත් වෙන්නට සිදු වෙනවා.‍ මේ කාරණයෙනුත් මහරජතුමනි ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ දෙවන සිහින


“සවාමීනි, මම දෙවෙනි හීනේ දැක්කෙ මේ විදියට යි. කුඩාරුක් සහ ගස් පොළොව පලාගෙන උඩට ඇවිල්ලා, වියතක් විතර වත් රියනක් විතර වත් උසට හැදෙන්නෙ නැතිව තිබෙද්දි ම ඒවායේ මලු ත් පිපෙනවා. ගෙඩි ත් හැදෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේක තමයි මම දැක්ක දෙවෙනි හීනය. මේකේ විපාක මොනවා ද?”

“මහ රජතුමනි, මේ සිහිනයෙන් පෙනුන කරුණ ත් ලෝකය පිරිහෙන කාලයේ, මිනිසුන් ගේ ආයුෂ අඩුවුන කාලයේ තමයි සිදු වෙන්නේ. එම කාලයේ සත්වයින් අධික රාගයෙන් යුක්ත අය බවට පත් වෙනවා. නිසි වයසට පත් නො වූ කුඩා ගැහැණු ළමයි පිරිමින් සමග වාසය කරනවා. ඔවුන් ගර්භනී වී දරුවන් ලැබෙනවා. කුඩා ගස් වල මල් මෙන් ඔවුන් ගේ සෘතුමතී බව සිදු වෙනවා. එම ගස් වල ගෙඩි මෙන් දූ දරුවන් ලැබීම සිදු වෙනවා. මහරජතුමනි, මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ.

Labels:

කොසොල් රජතුමාගේ පළමු සිහිනය


ස්වාමීනි, අඤ්ජන වර්ණයෙන් යුක්ත කළු පාට ගොන්නු හතර දෙනෙක් යුද්ධ කරන්නට කියල හතර දිශාවෙන් රාජාංගනයට ආවා. මහජනයා ත් ‘මේ වෘසභ යුද්ධය බලමු’කියල එක් රැස් වුණා. ඒ විදියට එක් රැස් වුනා ම ඒ ගොනුන් හතර දෙනා යුද්ධ කරනවා වගේ ස්වභාවයක් පෙන්වලා, ගර්ජනා කරල ඒ ඒ පැත්තට පැනල ගියා. මේක තමයි මම දැකපු පළමුවෙනි හීනය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස මේ සිහිනයේ විපාක ය මොකක් ද?”

“මහ රජතුමනි, මේ සිහිනයේ කරුණු සිද්ද වෙන්නේ ඔබ ගේ කාලයේ වත් අප ගේ කාලයෙන් වත් නො වෙයි. අනාගයේ අධර්මිෂ්ඨ වූ අයහපත් වූ රජවරුන් හා මිනිසුන් ලෝකයේ බිහි වෙනවා. ඒ කාලයේ තමයි මෙහි විපාක සිදු වන්නේ. ඒ කාලයේ මිනිසුන් ලෝකයේ යහපත පෙරලන්ට පටන් ගන්නවා. කුසලය පසුබැස යනවා. අකුසලය උත්සන්නව යනවා. කුසලය යට යනවා. අකුසලය මතුව එනවා. ලෝකය පිරිහෙන ඒ කාලයේ වර්ර්‍ෂාව යහපත් විදියට හොඳින් වසින්නේ නැහැ. වැසි ඇතිකරන කරුණු සිඳී යනවා. භව භෝග මලානික වී යනවා. ඒ නිසා දුර්භික්‍ෂ ඇතිවෙනවා. වැසි වසින්නට මෙන් කලු වළාකුළු සතර දිගින් නැගී එනවා. ස්ත්‍රීන් අව්වෙහි වැනූ වී ආදිය තෙමෙයි යන භ‍යෙන් ගෙවල් ඇතුළට ගන්නවා. පුරුෂයන් උදළු ආදිය ගෙන අමුනු නියර බඳින්ට නික්මෙණවා. එවිට වසින ස්වභාවයක් දක්වා, ‍ගර්ජනා කොට විදුලි කොටා, වර්ෂාව ඇති නො වීම වළාකුළු පහව යනවා. ඒක හරියට අඳුන් පැහැති කළු ගොන් හතර දෙනා ගොන් පොරයකට මෙන් රාජංගනයට පැමිණ, මිනිසුන් එය බලන්නට රැස් වූ විට, පොර කන ස්වභාවයක් දක්වා, ගර්ජනා කොට ඒ ඒ තැන පලා යනවා වගෙයි.
මේ සිහිනයෙන් කියවෙන්නේ එය යි. ඔබට මේ සිහියන දැකීමෙන් කිසි අන්තරායක් ඇති වන්නේ නැහැ. අනාගයේ සිදු වන දෙයක් පිළිබඳ ව යි මේ සිහිනයෙන් දැක්වෙන්නේ.

Labels:

Friday, November 25, 2011

ආලෝකය වශයෙන් අපි දකින්නේ ජලය සහ විදුලිබලයේ අනිත්‍යතාවයයි


අපි කතාවට කියනවා, මනූෂ්‍යයා ආලෝකයට කැමතියි එහෙත් අඳුරට අකමැතියි කියලා. නමුත් ඒක එහෙම වෙන්න බැහැ. ආලෝකයට කැමති මනුෂ්‍යයාට නිඳි ඇඳට, නිදි පැදුරට ගියහම තම කැමැත්තෙන්ම විදුලි පහන් නිවාදමා අඳුර මගේ කරගන්නවා. අඳුරට කැමති වෙනවා. ආලෝකයට අනිත්‍යභාවයට පත්වී, අඳුර ඇතිවෙනවා වගේම මිනිසා මේ ස්‌වභාවයන් දෙකටම ඇලෙන්නේ තම සිතුවිලිද අනිත්‍යභාවයට පත්වන නිසා. ආලෝකයට කැමතිවූ සිත අනිත්‍යභාවයට පත්වී, අඳුරට කැමතිවූ සිත ඇතිවෙනවා. කල්ප ගණන් අපි දිව්‍යලෝක වල, මනුෂ්‍ය ලෝකයේ, සතර අපායේ ආලෝකයත් අඳුරත් අතර දෝලනය වෙමින් ගලාගෙන පැමිණි ගමනක්‌ මේක. මේ නිසා මේ දෙයාකාරයේ කැමැත්ත තවමත් අපට තිබෙනවා. නමුත් මනුෂ්‍යයා අඳුරට වඩා ආලෝකයට කැමතියි. ඒ නිසාමයි විදුලි බලාගාර, තාප බලාගාර ආදී බලශක්‌ති මූලයන් සොයමින් ප්‍රවර්ධනය කරන්නේ. මේ ස්‌වභාවයන්ගෙන් මිනිසා ලබාගන්නා ආලෝකය මිනිසා කුලියට ගත් දෙයක්‌. තමා අඳුරින් මිදෙන්න, තෙල් වලින් ජලයෙන්, ගල් අඟුරු වලින් නිපදවූ ආලෝකය කුලිsයට, මිලට ගන්නවා. ඒ කියන්නේ තෙල් වලින්, ජලයෙන්, තාපයෙන්, ආලෝකය ලබාගැනීමට මිනිසා මහත් අභිමානයෙන් උදම්අනන තාක්‍ෂණයෙන් මිනිසාට හැකියාව ලැබුණත් ඔබ තවම දක්‍ෂ නැහැ තම සිත තුළින් ආලෝකය නිපදවාගෙන, ප්‍රඥාවේ ආලෝකයෙන් ලෝකය දකින්න.
Read more »

Labels:

යමක් දැක දැක අසුරයෝ මහ මුහුදෙහි ඇලෙත් නම්


බුදුරදුහු භික්‍ෂූන් අමතති. මහණෙනි, මහ මුහුද ක්‍රමයෙන්, ගැඹුරු වූයේ, ක්‍රමයෙන් ගැඹුරට නැඹුරු වූයේ, ක්‍රමයෙන් ගැඹුරට බර වූයේ, එක එල්ලේම බෑවුමක් නැත්තේ ය. ක්‍රමයෙන් නැඹුරු වූයේ ක්‍රමයෙන් ගැඹුරට බර වූයේ, එක එල්ලේම බෑවුමක් නොවේ යන යමක් වේද,?

මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහ මුහුදෙහි ඇලෙත් නම්, මහ මුහුදෙහි, මේ පළමුවන ආශ්චර්යය ධර්මයයි. අද්භූත වූ ධර්මයයි.

මේ පළමුවන කාරණයට සමානව බුදු සසුන කෙරෙහි ශ්‍රාවකයන් ඇලෙන කරුණ පහත පරිදි දක්වයි.

මහ මුහුද ක්‍රමයෙන් නැඹුරු වූයේ, ගැඹුරට නැඹුරු වූයේ, එමෙන්ම මහණෙනි, මේ සසුනෙහි අනුපූර්ව ශික්‍ෂාව, (ත්‍රිවිධ ශික්‍ෂා) අනුපූර්ව ක්‍රියා (ධූත ධර්ම දහ තුන) අනුපූර්ව ප්‍රතිපදා ඇත. පිළිවෙළ ඉක්මවා (ශීල, සමාධි, ප්‍රඥා, නොපුරා) එක්වනම රහත් බවට පැමිණීම නොවේ. මහණෙනි, මේ සස්නෙහි පිළිවෙළින් අනුපූර්ව ශික්‍ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා ඇත.

එක්වර නිවන් අවබෝධය නැත්තේ යන යමක් වේද?, කටයුතු යමක් දැක, භික්‍ෂූහු මේ සසුනෙහි ඇලෙත්ද සසුනෙහි මේ පළමුවන, ආශ්චර්ය අද්භූත ධර්මයයි.

මහ මුහුදෙහි දක්නා ලැබෙන දෙවන අද්භූත ආශ්චර්ය ධර්මය මෙයයි. එනම්, මහණෙනි, තවද මහ මුහුද ස්ථිත ස්වභාව ඇත්තේ, වෙරළ නොඉක්මවයි.

මහ මුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙයි, වෙරළ නොඉක්මවයි යන යමක් වේද, යමක් දැක, දැක අසුරයෝ මහ මුහුදෙහි ඇලෙත් නම්, මහණෙනි, මහ මුහුදෙහි මේ දෙවන ආශ්චර්ය වූ අද්භූත වූ, ධර්මයයි.ඉහත දෙවන කරුණට සමානව බුදු සසුනෙහි ශ්‍රාවකයන් ඇලෙන කරුණ පහත පරිදි දක්වා ඇත.

මහණෙනි, යම්සේ මහ මුහුද ස්ථිත ස්වභාව ඇත්තේ, වෙරළ නොඉක්මවයිද, මෙසේම මහණෙනි, ශ්‍රාවකයන්ට යම් ශික්‍ෂා පදයක් පනවන ලදද එය මාගේ ශ්‍රාවකයෝ සෝවාන් ආදී මඟඵල ලැබූ ආර්යශ්‍රාවකයෝ ජීවිත හේතුවෙන්වත් (ජීවිතය අහිමිව ගියද) නොඉක්මවත් යන යමක් ඇද්ද, මෙයද මහණෙනි, යමක් දැක, දැක, භික්‍ෂූහු මේ සසුනෙහි, ඇලෙත් ද සසුනෙහි මේ දෙවන ආශ්චර්ය අද්භූත ධර්මයයි.

මහණෙනි, යම් සේ මහ මුහුද මළකුණු හා එක්ව නොවසයිද, මහ මුහුදෙහි යම් මළකුණක් වී නම් එය වහාම මුහුදු තෙරට ගොඩ ගසයිද, මෙසේ මහණෙනි, දුශ්ශීල වූ, පහත් ස්වභාව ඇති, අපරිශුද්ධ වූ සැකයෙන් සිහිකටයුතු හැසිරීම් ඇති, ශ්‍රමණබවෙන් බැහැර වූ අය සමග එක්ව සංඝයා නොවසති. වහාම සංඝයා රැස්ව ඔහු නෙරපයි. මහණෙනි, යමක් දැක භික්‍ෂූහු මේ සසුනෙහි ඇලෙත් නම් මෙය ඒ තෙවැනි ආශ්චර්ය ධර්මය වේ.
Read more »

Labels:

උපත හා මරණය


ජීවිතය දියත් කළ පසු එය වෙඩි උණ්‌ඩයක්‌ මෙන් කෙලින්ම මරණයේ ඉලක්‌කයට යා යුතුය. කැමැති වුණත් නැතත් අප සියලු දෙනාම මේ නොවැළැක්‌විය හැකි ඉරණමට මුහුණ පෑ යුතුමය. හැකිතාක්‌ ඉක්‌මනින් මේ සත්‍යය අවබෝධ කොට ගතහොත් අපේ ජීවිත යහපත්, හිතකර අරමුණු කරා මෙහෙයවීමට අපට පුළුවන. ඇත්ත වශයෙන්ම අපේ මේ බියට හේතුව මරණය නොව, මරණය පිළිබඳ අප තුළ ඇති වැරැදි හැඟීමය. මරණය ඒ සැටියෙන්ම ගත් විට එතරම් භයානක සිදුවීමක්‌ නොවේ. වඩා භයානක වන්නේ මරණය ගැන අප සිත් තුළ පවතින බයය.

කාලයත් සමඟ ක්‌ෂයවන පරිදි අපේ ආයුෂ පාලනය වන්නේ ජීව විද්‍යාත්මක සිද්ධාන්ත මගිනි. ආයුෂ ගෙවී යන විට එය නැවත ලබා ගැනීම පිණිස කළ හැකි කිසිවක්‌ නැත. එනිසා නියම කාලය පැමිණි විට අප මරණය වෙත යැමට සූදානමින් සිටිය යුතුමය. මෙය අප කාටත් පොදු ධර්මතාවකි. ඉතා පළපුරුදු උපස්‌ථායකයන් මෙසේ කියා ඇත. මිනිසුන් ජීවත් වෙන්නෙ මරණය පිළිබඳ විශාල භයක්‌ සමගය. මෙය මහා අවාසනාවන්ත තත්ත්වයක්‌. අවසානයේ මරණය පැමිණි විට පැහැදිලි වෙනවා මරණයත් ජීවිතයක්‌ වගේ ස්‌වභාවික සිදුවීමක්‌ කියල. ජීවිතයේ අගිස්‌සට පැමිණි බොහෝ දෙනෙක්‌ තුළ මරණයට ඇති බය නැතිවී යනවා. මේ මුළු කාලය තුළම මහළු වී මැරෙන්නට බය වුණු එක්‌ අයකු ගැන පමණයි මා දන්නේ. ඒ ගැහැණියක්‌. ඇය ඇගේ සොහොයුරියට කිසියම් වරදක්‌ කර තිබුණා. එය නිවැරැදි කරන්න කල් පසු වුණා වැඩියි. ඒ නිසා ඈ ඒ ගැන තැවෙමින් සිටියා. ඇගේ භයට හේතු වන්නෙ ඇත්තේ මේ තැවිල්ලයි. ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම ජීවන ගමන් මඟේ අවසානයට පැමිණ විට අපූරු සුන්දර දේ සිදු වෙනවා. බය සන්ත්‍රාසය පහ වී යනවා. මරණය ස්‌වභාවික සිදුවීමක්‌ බව අවබෝධ කොට ගත් විට මරණාසන්න අයගේ දෑසෙයි ආශ්චර්ය හා මුසු වුණු කිසියම් සතුටක්‌ මා දැක තිබෙනවා. මේ සියල්ල ස්‌වභාවය ධර්මයාගේ ගුණවත් භාවයේ ලක්‌ෂණයන්ය.

ශ්‍රීමත් විලියම් ඔස්‌ලට්‌ නම් සුප්‍රකට වෛද්‍යවරයා මෙසේ පවසා ඇත. "මා වෛද්‍ය සායනයන්හි ලබා ඇති දීර්ඝ අත්දැකීම්වලින් මට හැඟෙන්නේ බොහෝ දෙනෙකු මිය යන්නේ වේදනාවක්‌ බයක්‌ නැතුවය.

මරණය සමඟ පෑහීම

ලිංග, ජාති, ආගම් ආදී හේතු කිසිවක්‌ නොතකා සියලු දෙනාටම මරණය සමඟ පෑහීමට සිදුවේ. මේ හැර එයින් බේරීමට මඟක්‌ නැත. මේ වැළැක්‌විය නොහැකි අවසානය සමඟ මුහුණට මුහුණලා සිටීමට අපට ශක්‌තියක්‌ නැත. එය අප ලබා ගත යුතුය. මරණයට ඇති බයෙන් නිදහස්‌ නොවුණත් මිනිසා ජීවිතයේදී ද නිදහස භුක්‌ති විඳීමට සමත් නොවෙයි. "මරණයට බය වීම හරියට පැරැණි දිරාපත් වුණු වස්‌ත්‍රයක්‌ විසිකර දැමීමට බය වෙනවා වාගේය" යෑයි මහත්මා ගාන්ධිතුමා පවසා ඇත. අප ප්‍රියකරන අයගේ වියෝව දරා ගැනීම ඉතා අපහසුය. ඇගේ මිණිබිරිය මිය ගිය විට අතිශය ශෝකයට පත් විශාඛා මහා උපාසිකාව ද බුදුන් වහන්සේ හමුවට පැමිණ අවවාද ලබා ගත්තාය.

Read more »

Labels:

උප්පාද යනු ඇතිවීමයි


උප්පාද යනු ඇතිවීමයි. හට ගැනීමයි. වය යනු නැතිවීමයි. ඇතිවීම හා නැතිවීම සත්වයාට බලපාන පොදු ධර්මතාවකි. ජීව අජීව සියලු වස්තූන්වලට එය සනාතන දහමකි. අනිත්‍යතාව එය පසුපසින් දිවඑයි. ලොව පහළ වන බුදුවරු එය පසක්කරන සේක. ගෞතම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට දේවතාවෙක් උන්වහන්සේ ඉදිරියට වැඩම කළේය. එම දේවතාව බුදුරජාණන් වහන්සේගෙන් පැනයක් විමසා සිටියේය.

‘කිංසු ජානෙති පුරිසං ‘ - සත්වයා උපද්දවන්නේ කවරෙක් විසින්ද ? බුදුරජාණන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දුන් සේක.

“ තණ්හා ජානෙති පුරිසං – සත්වයා උපද්දවන්නේ තෘෂ්ණාව ය.

තෘෂ්ණාව මූලික හේතුව කරගෙන සත්වයා උපදින ක්‍රම හතරක් තිබෙන බව ධර්මයේ සඳහන් වේ. ඒවා නම්
1. අණ්ඩජ
2. ජලාබුජ
3. සංසේදජ
4. ඕපපාතික යන ක්‍රම සතරයි.

Read more »

Labels:

පංච උපාදානස්ඛන්ධය


මම යනුවෙන් කියවෙන්නේ රූප වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධ පහටයි. පළමුව බලමු මොකක්ද මේ පංච උපාදානස්ඛන්ධය කියන්නේ කියලා රූපය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතවලින් හට ගත් දෙයයි, වේදනාව කියන්නේ ස්පර්ශය නිසා හටගත් විදීමයි.

සංඥාව යනු ස්පර්ශය නිසා හටගත් හදුනා ගැනීමයි. සංඛාර යනු ස්පර්ශය නිසා හටගත් චේතනා පහළ වීමයි. විඤ්ඤාණය යනු නාමරූප නිසා හටගත් සිතයි. මෙය හේතුඵල දහම අනුව හටගත්තක් නිසා පංච උපාදානස්ඛන්ධය දුකක් යැයි පුහුදුන් ඇතැම් කෙනෙකුට හිතුනත් යථාර්ථයෙන්ම තේරුම් ගන්න බැරිවෙලා. ඊට හේතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්වයා තුළ සඤ්ඤා විපල්ලාසය යනු සත්‍ය වශයෙන් තියන දෙය හඳුනාගන්නේ නැතිව වෙනත් දෙයක් හඳුනා ගැනීමටයි. පින්වතුනි,, බුදුරජාණන් වහන්සේ විසින් සඤ්ඤා විපල්ලාස හතරක් දේශනා කරනවා. එනම්
1. අසුභෙ සුභ සඤ්ඤා (අසුභ දේ සුභ ලෙස හඳුනා ගැනීම. )
2. දුක්ඛෙ සුඛ සඤ්ඤා (දුක් වූ දේ සැප ලෙස හඳුනා ගැනීම. )
3. අනිච්චේ නිච්ච සඤ්ඤා (අනිත්‍ය වූ දේ නිත්‍ය ලෙස හඳුනා ගැනීම. )
4. අනත්තේ අත්ත සඤ්ඤා (අන්තාම දේ ආත්ම වශයෙන් හඳුනා ගැනීම.)
ඒ කියන්නේ සත්‍ය වූ දේ තමයි අසුභ, දුක්ඛ, අනිත්‍ය, අනාත්ම හතර. නමුත් ඒවා අන්ධ වූ පෘථග්ජනයා සුබ, සැප, නිත්‍ය, ආත්ම වශයෙන් පටලවාගෙන අවිද්‍යාව නමැති දැලකින් සිත වෙළාගෙන දුක් විඳින්නේ නැද්ද ? දුක් විඳිනවා. ඒ නිසාම පුහුදුන් කෙනා පංච උපාදානස්ඛන්ධයට දැඩි ලෙස බැදී යනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨියටයි.

Read more »

Labels:

Thursday, November 24, 2011

දාන පාරමිතාව


නමෝ තිලෝක තිලකස්ස

ගෞතම බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්යය, ක්ෂාන්ති සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රි, උපේක්‍ෂා යන දස පාරමි ධර්මයන් සම්පූර්ණ කරන ලද්දේ බුදු බවට අවශ්‍ය සුදුසුකම් වලින් පිරිපුන් බවට පත්වීම පිණිසය. ලොවැ කවර තරාතිරමක කෙනෙකුන් වුවද යම්කිසි තත්ත්වයක් -තනතුරක් උසස් බවක් ලබා ගනු කැමති නම් ඒ පුද්ගලයා පළමුවෙන්ම ඊට අදාළ සුදුසුකම් මොනවාදැ යි දැනගත යුතුය. දැනගැනීමට තරම් තමාට අවබෝධයක් දැනුමක් නැත්නම් උගත් බුද්ධිමත් නැණවතුන් සොයා ගොස් ඔවුන්ගේ අවශ්‍ය කරුණු උගත යුතුය.

ඉන් අනතුරුව එකී ගුණදම් වඩා වර්ධනය කරගැනීමට පුරුදු පුහුණු විය යුතුය. සිද්ධාර්ථ ගෞතම මහ බෝසතාණන් වහන්සේත් එදා දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණය ලැබ එනම්, “ මේ උග්‍ර තවුසා අදින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඉක්මගිය තැන ඒකාන්තයන්ම සිද්ධාර්ථ ගෞතම නාමයෙන් බුදු බවට පත්වන්නේය.” යන බුද්ධ වචනයෙන් ප්‍රමුදිත බවට පත්ව මෙසේ කල්පනා කළේ ය.

මේ දීපංකර බුදුපියාණන් වහන්සේ අනාගතයේදී “ මම බුදු බවට පත්වන බව ප්‍රකාශ කළ සේක.” ඒ ශ්‍රේෂ්ඨතම තත්ත්වය ලබා ගනු සඳහා සම්පූර්ණ කර ගත යුතු කරුණු කවරහුදැයි මෙනෙහි කළේ ය. එවිට උන්වහන්සේට සිහියට ආවේ බුදු බව සඳහා අවශ්‍ය සුදුසුකම් වශයෙන් දස පාරමිතා ධර්මයෝ ය. මෙකී සුදුසුකම් සම්පූර්ණ කර නොගෙන කිසිදාක බුදුවිය නොහැකි බව දැනගත් පංච අභිඤා සහිත අෂ්ඨ සමාපත්ති උපදවාගෙන සිටි සුමේධ තවුසාණෝ පළමුවෙන්ම නුවණින් දුටුවේ:

දානං සීලංච නෙක්ඛම්මං - පඤ්ඤා විරියේන පංචමං
ඛන්ති සච්චමදිට්ඨානං මෙත්තුපෙක්ඛාති මේ දස

හත සඳහන් ගාථාවෙන් දැක්වෙන්නේ දස පාරමිතාවෝ ය. මෙම පාරමිතා දහය සම්පූර්ණ කර නොගෙන බුදු බවට පත් විය නොහැකි බව දුටු මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා එදා පටන්ම තමා කරන කියන සෑම ක්‍රියාවකටම මේ පාරමිතා දහය සම්බන්ධ කර ගැනීමට සමත් විය. එයින් පළමුවැන්න දානමය පුණ්‍ය ක්‍රියාවයි. දෙවැන්න සීලය වන අතර තුන්වැනි පාරමිතාව නෛෂ්ක්‍රමය නොහොත් අතහැරීමය. ප්‍රඥාව යනු සෑම දෙයක්ම බුද්ධිමත්ව සිදු කිරීම ය. වීර්යය පාරමිතාව නමින් දැක්වන්නේ නොපසු බස්නා ධාර්මික උත්සාහයයි. ඛන්තිය යනු ඉවසීමය. ක්ෂාන්ති පාරමිතාව වශයෙන් විස්තර කොට ඇත්තේ එයයි. සත්‍යවාදී බව සත්‍ය පාරමිතාව වශයෙන් දැක් වේ. තම අදහස් බලාපොරොත්තු මුදුන්පත් කරගැනීම සඳහා තම සිත් සතන් තුළ පවත්නා දැඩි ඕනෑකම අධිෂ්ඨාන පාරමිතා වශයෙන් දක්වා ඇත.

Read more »

Labels:

ප්‍රඥා පාරමිතාව


බුදුබව සඳහා අවශ්‍ය වන හතරවෙනි සුදුසුකම ප්‍රඥාවයි. එය පාරමිතාවක් වශයෙන් මහ බෝසත්වරු සම්පූර්ණ කර ගනිති. ප්‍රඥාව යනු බුද්ධියයි දැනුමයි. නැණ නුවණයි මේ ප්‍රඥාව සියලුම පාරමී ධර්මයන් පුරා ගැනීමට නැතිවම බැරි ගුණයකි. කවර කෙනෙකුගේ වුව ද ජීවිතයක් සාර්ථක කර ගැනීමට උපකාර වන්නේ උගත්කම සහ බුද්ධිමත් බවයි. පොත පත, භාෂා ශාස්ත්‍ර ඉගෙන ගැනීමෙන් ප්‍රධාන වශයෙන්ම උගත්කම දියුණු කරගත හැකිය. එසේම විවිධ කලා ශිල්ප වෛද්‍ය ශාස්ත්‍රය, ගෘහ කර්මාන්ත, ගොවි කර්මාන්ත, සත්ත්ව පාලන, තාරකා විද්‍යා ආදී විවිධ අංශ පිළිබඳව ඉගෙන ගැනීමෙන් ඒ ඒ විෂය ධාරාවන් පිළිබඳව පුළුල් දැනීමක් ඇතිකර ගත හැකි ය.

බුද්ධිමත්කම යනු තැනට ඔබින පරිදි පහළ වන ක්ෂණික දැනුමයි. එය උපතින්ම ලබා එන සහජ කුසලතාවයකි. පෙර ආත්මවල එන පළපුරුදුකම් අනුව බොහෝ දෙනාට මේ ස්ථානෝචිත ප්‍රඥාව නම් වූ තැනට ඔබින නුවණ පහළ වේ. ඇත්ත වශයෙන්ම කියතොත් පෙර පිනක් නිසාම මේ තැනට ඔබින නුවණ පහළ වන බව කිව යුතු ය. බොහෝ උගත් අය ලෝකයේ සිටිති. එහෙත් ඒ උගත් අය අතුරෙන් ඇතැම් අය මේ කියන තැනට ඔබින පරිදි පිළිපැදීමේ කතා කිරීමේ හැසිරීමේ පිළිවෙළ නිසි පරිදි පැවැත්වීමට අසමත් ය.

එබදු අය පිරිසෙන් සමාජයෙන් කොන්වෙන අවස්ථා දක්නට ඇත. පෙර කී පරිදි උගත්කම ඇති කර ගත් පුද්ගලයාට මේ කියන බුද්ධිමත් බව ඇතිකර ගැනීමට පහසු ය. එසේ වුවද උගත් බොහෝ දෙනෙකුට එය හුරු කර ගැනීමට නොහැකි වී තිබේ. මහා සතිපට්ඨාන සූත්‍රයෙහි කියවෙන පරිදි නිරන්තරයෙන්ම තමා කරන කියන කටයුතු පිළිබඳව සිහියෙන් යුතුවම ක්‍රියා කරන්නේ නම් මේ බරපතළ අඩුපාඩුව සකස්කර ගත හැකි ය.

Read more »

Labels:

ශීල පාරමිතාව


දස පාරමිතා ධර්මයන් අතුරෙන් දෙවැනි තැනට වැටෙන්නේ ශීල පාරමිතාවයි. ශීලයෙහි ප්‍රධාන ලක්ෂණය කය, වචන දෙකින් නොකළ යුතු දෙයින් වැළකී, කළයුතු දෙයෙහි යෙදීම සහ කය වචනය පුරුදු පුහුණු කිරීමය. ඒ දෙක සකස් කර ගැනීම අනුව සිතද නිසි පරිදි ගුණයටම නැඹුරු කර ගත හැකිය. ඒ නිසා දානය සේම ශීලයද අනුක්‍රමයෙන් දියුණුවට පත්කර ගත යුතුය. පැරැණි දඹදිව විවිධ වෘත ශීල වශයෙන් රකින ලද තවුසෝ සිටියෝ ය. ගවයන් සේ, සුනඛයන් සේ ජීවත්වීම , ගෝ වෘත කුක්කුර වෘත වශයෙන් හඳුන්වා තිබේ.

බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කළේ ආර්ය්‍ය ශීලය පිළිබඳවයි. රහත් බව, පසේ බුදු බව, සම්මා සම්බුදු බව පතා, වැරැදි දෘෂ්ඨි වලින් වැළකී කරුණාව පෙරටු කොටගත් බුද්ධිමත් බවින් මේ ශීල පාරමිතාවද සපුරා ගත යුතුය. ශීලයෙහි ලක්ෂණය වන්නේ කය වචන දෙක පාපයන්ගෙන් වළක්වා වරදට වැටෙන්නට නොදී රැක ගැනීමය. එසේම වඩවඩාත් යහපත් ක්‍රියාවන්හි යෙදීමට සිත යොමු කරවන බවය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබේ. එනම් සිල්වත් පුද්ගලයා තුළ සකල විධ කුසලයෝම පිහිටන බවත්, වැඩෙන බවත්ය. ශීලය පිළිබඳ සකලවිධ අංග විසුද්ධි මාර්ගය නැමැති ග්‍රන්ථයෙහි දක්වා තිබේ.

පැවිදි පක්ෂය රකින ශීලය පැවිදි ශීලය වශයෙන්ද, ගිහිභවතුන් විසින් රකින ශීලය ගෘහස්ථ ශීලය වශයෙන්ද පෙන්වා ඇත. නිවන පතා පින්දහම් කරන භවතුන් හැකි අයුරින් මේ ශීලය තම ජීවිතයට සම්බන්ධ කොටගෙන යහපත් ගති පැවතුම් ඇති ගුණවත් ජීවිතම ගත කරති. තවද චාරිත්‍ර ශීල, වාරිත්‍ර ශීල යනුවෙන්ද ශීලය දෙයාකාරය. චාරිත්‍ර ශීල යනු අප විසින් කළ යුතු දෑ නිසි පරිදි කලට වේලාවට, පිළිවෙළකට ක්‍රමවත් පරිදි අවංකවම සිදුකිරීමය. කියන දේ වුවද එසේමය. චාරිත්‍ර ශීලය නම් නොකළයුතු දේවල් දැන කියාගෙන වැරැදි සහගත සියලු දෙයින් වැළකීමය. අකටයුතුකම් වලින් වැළකීම එයින් අදහස් කෙරේ. කළයුතු දේ කිරීමත්, නොකළයුතු දේ නොකිරීමත් යන මේ කරුණු දෙක යම්කිසි ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ වඩා වර්ධනය කරගත් විට ඒ පුද්ගලයා තුළින් ඉතා ඉහළ මට්ටමකින් ශීලය රැකෙන්නේ ය.

ඇතැම් අයගේ සිල්වත් බව දවසින් දවස, ටිකෙන් ටික පිරිහෙන අංශයට වැටෙන්නේ නම්, එය හානභාගිය සීලයයි. තමා තුළ පවතින යහපත් ගතිපැවතුම් වැටෙන්නට - පිරිහෙන්නට ඉඩ නොතබා ගත යුතු බව මෙයින් අදහස් කෙරේ. තමා තුළ පවතින සිල්වත් බව ඒ ආකාරයෙන්ම අඩුවැඩි නොවී පවතින තත්ත්වයෙන්ම රැක ගැනීම ඨ¢තිභාගිය සීලයයි. වඩ වඩාත් බණ භාවනාවන්ට නැඹුරු වී ප්‍රථම ධ්‍යානය, ද්වීතිය ධ්‍යානාදිය උපදවා ගැනීමට නැඹුරු වුන ගතිය - විසේස භාගිය ශීලය වන්නේ ය. නිබ්බේධභාගිය ශීලය යනු සෝවාන්, සකෘදාගාමි, අනාගාමි , අරහත් යන මාර්ග ඵල අරමුණු කරගෙනම එනම් ලෝකෝත්තර මාර්ගයට නැමුනු ශීලයයි.

Read more »

Labels:

ක්ෂාන්ති පාරමිතාව


ක්ෂාන්තිය යනු ඉවසීමයි. අපේ ඉවසීම නැති කරන බොහෝ කරුණු ඇත. අධික සීතල, අධික උෂ්ණය ඒ නිසා පැමිණෙන පීඩා, බඩගින්න, පිපාසය, ඇසුරු කරන අයගෙන් එන කරදර, ලෙඩදුක් ආදිය පමණක් නොව, අමුනුෂ්‍ය දෝශ, තිරිසන්ගත සතුන්ගෙන් පැමිණෙන පීඩාදී විවිධ කරුණු නිසා අප තුළ පවත්නා උපශාන්ත ගති නැති වෙයි. ඒ කවර හිංසාකාරී කායික මානසික පීඩාවකට වුවද, මුහුණ දීමට සිදු වූ විට ඉවසීමෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව ක්ෂාන්තියයි. ඛන්ති යනු ද එම අර්ථය මය. මේ කියන ඉවසීම ඇතිකර ගැනීමට වඩාත්ම අමාරුවන්නේ අපේ සිත් සතන් තුළ ඉහත කී කරුණු නිසා පහළවන ලෝභය, ද්වේෂය, මෝහය නැමැති අකුසල් නිසා ය.

එබැවින් මේ ඉවසීම බුදුබව ලැබීමට අවශ්‍ය ගුණයන්ගේ හයවැනි පාරමිතාව වශයෙන් දක්වා තිබේ. ඉවසීමක් නැති කෙනෙකුට බුදුබව ලැබීමක් තබා මේ ජීවිතයේ දී වත් කිසිම ප්‍රගතියක් ඇති කර ගත නොහැකි ය. ඇසුරු කරන්නා අතර, නිතර අඩදබර ඇති කර ගැනීම ඉවසීමක් නැති පුද්ගලයාගේ ස්වභාවයයි. මේ ක්ෂාන්තිය නමින් දැක්වෙන ඉවසීමේ උදාර ගුණය බලා සිටියදීම තම ජීවිතය දියුණුවට පත්කර ගැනීමට උපකාර වන ධර්මයකි. අප යමක් ගැන සිතන විට ද ඉක්මන් නොවී කලබල නොවී සන්සුන්ව ඇසෙන දෙයක් ගැන හෝ පෙනෙන දෙයක් ගැන හෝ ඉවසීමෙන් ම අපක්ෂපාතීව සිතිය යුතු වන්නේ ය. එසේම යමක් කියන විට වුව ද බෙහෙවින්ම ඉවසිලිවන්තය. ඒ කියන දෙය පිළිබඳව ඇහුම්කම් දිය යුතු ය. ඇතැම් අයට ඉවසීමේ ගුණය කෙතරම් දුර්වලව පිහිටා තිබේ ද කියතොත් අන් අය කියන දේ අහගෙන ඉඳීමටවත් ඉවසීමක් නැත.

Read more »

Labels:

වීර්යය පාරමිතාව


වීර්යය නම් වූ ධෛර්යවන්ත බව බුදුබව සඳහා යොමු කොට ගෙන කටයුතු කිරීම වීර්යය පාරමිතාවයි. ඒ වීර්යය බුද්ධිමත්ව දියුණු කර ගත යුතු ය. එසේ නොවුනහොත් එය පාපක්‍රියාවනට යොමු කරවිය හැකි බැවිනි. දන්දීම, සිල්රැකීම, ධුතංග ආදී ප්‍රතිපදා පිරීම සහ අන්අයගේ යහපත පිණිස යෙදවීම පුණ්‍ය ක්‍රියාවන්ගේ ගණයටම වැටෙන්නේ ය.

“කරුණුපාය කෝසල්ල පරිග්ගහිතො කාය චිත්තේහි පරහිතාරම්භෝ වීරිය පාරමිතා” යනුවෙන් චරියා පිටක අටුවාවෙහි දක්වා ඇත්තේ මහ බෝසතුන්ගේ වීර්යය කරුණාව මුල්කරග් උපායශීලී පරහිත පිණිසම යොමුකරවනු ලබන පාරමිතා” ගුණයක් බව ය. මහ බෝසතුන්ගේ වීර්යය කරුණාව මුල්කරගත් උපායශීලී පරහිත පිණිසම යොමුකරවනු ලබන පාරමිතා ගුණයක් බව මෙයින් කියැවේ. උත්සහයෙන් ලබාගත යුතු ඉහළම තත්ත්වය ලොව්තුරා බුදු බවයි. වීර්යයට ප්‍රතිවිරුද්ධ දෙය නම් ථීනමිද්ධයයි. එනම් උත්සහය බැහැරකර දමන කම්මැලිකමයි. මේ අලසබව නිසා මෙලොව උපත ලබා ඇති අප සියල්ලෝම තම තමන්ගේ දියුණුවට අදාළ එදිනෙදා කළයුතු කටයුතුවලින් නිතර නිතරම පසු බසින බව පරාජයට පත්වන බව ප්‍රකට කරුණකි. එනිසා අප කරන යහපත් සෑම ක්‍රියාවකදීම ඒ කටයුතු පටන් ගන්නා උත්සාහය ඇති කරගත යුතු ය. ආරම්භ ධාතු යන වචනයෙන් අර්ථවත් කරන්නේ ඒ අදහසයි.

Read more »

Labels:

Wednesday, November 23, 2011

බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ඨාව නිවන යි


පිරිපුන් නිවුණු සිතකට බාහිර වශයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන කුමන අරමුණක් ගැටුණද සිතේ පවතින නිවුණු ස්වභාවය නිසා, එම අරමුණු නිශ්චලව පිළිගැනීමට, දරා ගැනීමට හැකියාවක් ලැබේ. එවැනි සිතක් ඊට ප්‍රතික්‍රියා නොදක්වයි. ඇලීම් හෝ ගැටීම් යන ප්‍රතික්‍රියා එවැනි සිතකින් ඇති නොවෙයි.

බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ඨාව නිවන යි. නිවන යනු, සැපක් නොව සදාකාලික සුවපත් භාවයට පත්වීමකි. අනත්ත වූ සංසාරයේ ගමන් කරමින් දෙව්, මිනිස්, බ්‍රහ්ම, තිරිසන්, ප්‍රේත, අපාය ආදී නා නා විධ සත්ව යෝනි වල ඉපදෙමින්, එතෙක් විඳි සියලු සැප, දුක්, උපේක්‍ෂා ආදී වේදනාවන්ගෙන් මිදීම හා නැවත මොන යම් හෝ සත්වයකු වශයෙන් උපතක් ඇති නොවීම නිවනයි.

“නිවුණු සිතකට දැනෙන සුවය” කෙබඳු ආකාරද? යන්න, දැන ගැනීමට නොහැකි නම් එම ස්වභාවය ගැන කරුණු අනුව උපකල්පනය කර හෝ එහි ඇති වටිනාකම උතුම්බව තේරුම් ගත යුතු ය. රාග, ද්වේෂ, මෝහාදී ක්ලේශ ධර්ම හා ගැටෙමින් පවත්නා වූ සිත, එම ගැටීම හේතුකොටගෙන නිරන්තරයෙන්ම රත් වෙමින් පවතියි. භෞතික වශයෙන් වූවද කිසියම් දෙයක් තවත් යමක් හා නිරන්තරයෙන් ගැටෙන විට රත්වීමක් ඇතිවෙයි. ලී කැබලි දෙකක් නිරතුරුව එකක් අනෙක හා ගැටෙන්නට සැලැස්සූ විට, රත් වී ගිනි ගනියි.
Read more »

Labels:

ජිව්තය නම් තණ අග පිනි බිදු වැන්නේ


ජීවයක උපත සමඟ කියැවෙන ය අනෙක් වචනය වන්නේ මරණය යි. උපතක් ඇති වන තැන මරණය නියත ය. ඒ යථාවබෝධයෙන් මිදෙන්නට කිසිම කෙනෙකුට නොහැකිය. උපත සමඟ නියත මරණය කෙනෙකුට කොයි මොහොතක ළඟා වේදැයි කිසිවෙකුට කිව හැකිද ?,

සමහරෙක් කෙටි ආයුෂ ලබති. තවත් සමහරෙක් දිගු ආයුෂ ලබති. එය එයාකාරයෙන් සිදු වන්නේ පෙර භවයන්හි කරන ලද කුසල් අකුසල් හේතු කොට ගෙනය. තතු කෙසේ වෙතත් මෙලොව ජීවත් වන සෑම සත්ත්වයකු තුළම මරණයට ඇත්තේ බියකි. මේ මරණ බිය පහ කර ගන්නේ කෙසේ ද ? අද අපි මීගහවෙල සුමනශාන්ත ගරුතර ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡාවට බඳුන් කරනුයේ “මරණය” නම් වූ මාතෘකාව ය.

“මරණය” යන අකුරු හතරට බොහෝ දෙනෙක් බියක් දැක්වූවත් ඒ පිළිබඳව යථාවබෝධය ඇති කර ගත් විට එම අවස්ථාවට කාටත් සාර්ථකව මුහුණ දිය හැකි බව බුදු දහමේ සඳහන් වෙයි. යම් අයෙකු චුති චෛතසිකයට පත්වන මොහොතක පින් පව් චෛතසිකය මුල් වීමෙන් සුගතියට හෝ අගතියට පත් වන බැව් විශ්වාස කළ හැකිය. එසේ හෙයින් ඉතා වැදගත් වනුයේ මරණ මංචකයේදී චිත්ත සංතෘෂ්ටිය ඇති කර ගෙන අවසන් හුස්ම හෙළීමය. මේ සඳහා මරණාසුන්භාවය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.:
Read more »

Labels:

සත්‍ය පාරමිතාව


අප මහ බෝසතාණන් වහන්සේ පාරමිතා ධර්ම පුරණ කාලය තුළ යම් යම් වැරැදි සිදු වී ඇතත්, කවරදාවකවත් කිසිම භවයකදීවත් ජීවිතයකදීවත් නොකළ වැරැදි දෙකක් පිළිබඳව හාරිත ජාතක අට්ඨ කථාවෙහි සඳහන් කොට ඇත. කුමන කරුණක් නිසාවත් අසත්‍යවාදී වීමක්. බොරු කීමක් සිදු කොට නැත. දෙවැන්න කවර අවස්ථාවකදීවත් අකෘතඥ වී නැත. එනම් කෙළෙහි ගුණ අමතක කර නැත. බොරුව කෙළෙහි ගුණ නොසැළකීම යන අකුසල් දෙකෙන් වැලකී සිටීම මහා බෝසතාණන් වහන්සේගේ උත්තරීතර ගුණාංග දෙකකි.

මෙයින් පැහැදිලි වන්නේ සත්‍යවාදී බව කෙතරම් වටිනා පුණ්‍ය කියාවක් ද යන්න ය. සත්‍යවාදි බව නිසා ඇතැම් අවස්ථාවලදි තමන්ටත් අන් අයටත් විපත් වන වෙලාවල් ද ඇත. එබදු මොහොතක් පැමිණෙන බව දැනගතහොත් සම්‍යක් උපායෙන් ඒ අවස්ථාවෙන් මඟ හැරිය යුතුය. සෑම කටයුත්තකටම ප්‍රඥාව තිබිය යුත්තේ යැයි දක්වා ඇත්තේ එහෙයිනි. බුද්ධිය ඇති පුද්ගලයා නුවණින් යුතුව සිතා බලා වරදට නොබැදි අසත්‍යයක් පළ නොකොට අවස්ථාවෙන් ගැලවීමට දැන ගනියි. සත්‍ය පාරමිතාව බලපාන්නේ ප්‍රධාන වශයෙන් ම කථාවටයි. වචනයටයි. බොරු පෙන්වීම් ද නැති ආටෝප සාටෝපකම් දැක්වීම ද අසත්‍යයටම වැටෙන අකුසලයෙකි. කථා කිරීම පිළිබඳව අභයරාජ කුමාර සූත්‍රයේ දී බුදුරදුන් විසින් ඉතා වටිනා කාරණා හයක් දක්වා ඇත.
Read more »

Labels:

අධිෂ්ඨාන පාරමිතාව


බුදු බවට සුදුසුකම් ලෙස සැළකෙන දස වැදෑරුම් ගුණයන්ගෙන් අටවැන්න ස්ථිර අධිෂ්ඨානයක් ඇති බව යි. මා තුළ පවත්නා දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා වීර්යය, ශාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා යන මෙම ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම බුදුබවට පත්වන ආත්මභාවය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන්නෙමි යන ස්ථිර අදහස ප්‍රාර්ථනාව අධිෂ්ඨාන පාරමිතාව ලෙස සැලකිය යුතු ය. ලෝකයෙහි මිනිසා ප්‍රධාන කවර සත්ත්වයෙකුට වුව ද පාපය මිස පින කුසලය ඒ තරම් ප්‍රිය මනාප දෙයක් නොවේ. නිතරම අපේ සිත ඇදී යන්නේ නරක පැත්තටම ය. අකුසල පැත්තටමය.

එයට හේතුව මාර බලයයි. මාර බලය යනු පාප බලයයි. අප වැරැදි දේ කර කියා ගත් තරමටම නැවත නැවත සසර උපදින්නට සිදු වන්නේ නැත්නම් සසර දික්ගැස්සෙන මාරයාගේ අවශ්‍යතාවය සසර දුකින් අප මුදවාලීම නොව අතන මෙතන උපත ලබමින් සසරම රඳවා ගැනීම ය.
Read more »

Labels:

මෛත්‍රී පාරමිතාව


අපේ සිත කය වචනය යන තුනෙන්ම අන් කෙනෙකුට කිසිදු හිංසාවක් නොවන පරිදි සැමටම සැපක් වන අයුරින්ම යොමුකර ගැනීම මෛත්‍රියයි. ලෝකයට හිත සුව පිණිස ක්‍රෝධ කෝප ආදියෙන් තොරව සැමටම යහපතක් වන අයුරින් තම ජීවිතය සකස් කර ගැනීමයි. “මෙත්තා” යන වචනයෙහි තේරුම මිත්‍රත්වය යන්නයි. කා සමඟ වුවද සුහදව මිත්‍රත්වයෙන් ජීවත්වීම මේ මෛත්‍රී ගුණයෙහි ලක්ෂණයයි. බුදු බවට අවශ්‍ය සුදුසුකම් වලින් මේ මෛත්‍රිය ද තමන් තුළ පිහිටුවා ගතයුතුම ධර්මයකි. මෙකී උදාර ගුණය අපේ සිත් සතන් තුළින් බැහැර කරන්නේ ;ක්‍රීධය, කෝපය, වෛරය පලිගැනීම, ඊර්ෂ්‍යාව බඳු අකුසල කර්මයන් විසිනි.

ඉහත කී අකුසල කර්ම පිළිබඳව නිසි පරිදි අවබෝධයක් ලබාගෙන ඒ පාප කර්මයන්ගෙන් සිත මුදා ගැනීම මෛත්‍රිය දියුණු කිරීමේ ඒකායන මාර්ගයයි. බොහෝ වට රාගය නමින් හඳුන්වනු ලබන ආසාව ද මෛත්‍රියෙහි මුහුණු වරින් අපේ සිත් සතන් තුළ බැස ගන්නා ක්ලේශයෙකි. කරුණාවේ මෛත්‍රියේ මුහුණුවරින් ලස්සන දෙයට අපේ සිත දුවන්නේය. එය අවංකවම මෙත් සිතක් නොවේ. හොඳ ඇඳුමකින් සැරසුණු පාට පෙනුම ඇති කෙනෙකු දුටු විට ඔහුට නැත්නම් ඇයට සලකන්නට උපකාර කරන්නට සිත යොමු වේ.
Read more »

Labels:

උපේක්ෂා පාරමිතාව


යමෙක් පිළිබඳව හෝ යමක් පිළිබඳව ගැටීමකින් තොරව කා කෙරෙහිත් සම සිත පතුරවාලීම උපේක්ෂාවයි. තමන්ට ස්තුති ප්‍රශංසා කරන විට ගරු බුහුමන් දක්වන විට - උපකාර කරනවිට - ලැදිකමින් ඇසුරු කරද්දී, ඒ අය කෙරෙහි බලවත් ඇල්මක් ඇති කර ගැනීමක් ද නොමැතිව, තමන්ට කවුරු හෝ අවමන් කරන හිංසා පීඩා කරන අවස්ථා වලදී විරුද්ධවාදීකම් කරද්දීත් කලකිරීමක් හෝ අසතුටු බවකුත් නැතිව මේ අවස්ථා දෙකේදීම තම සිත සමසේ පවත්වා ගැනීමට පුරුදු වීම උපේක්ෂාවයි. තාදී ගුණය යනු උපේක්ෂාවටම භාවිතා කරන ධර්මයෙහි එන තවත් වචනයෙකි.

ලාභො අලාභො අයසො යසොච
නින්දා පසංසාචසුඛංච දුක්ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්ම
අසස්සතා විපරිනාම ධම්මා

අෂ්ටලෝක ධර්මයන් වශයෙන් දැක්වෙන ලාභ, අලාභ, නින්දා, ප්‍රශංසා, යස, අයස, සැප - දුක් යන මේ ස්වභාව ධර්ම අටට බුදු පසේ බුදු මහරහතුන්ගේ පටන් කවර කෙනෙකුට වුවද මුහුණ දීමට සිදු වන්නේමය. මේ ලෝකයෙහි වෙසෙන අපි සැමදෙනාට යමක් ලැබෙන අවස්ථාවන් තිබේ. ගොවිතැන වෙළඳාම, රැකී රක්ෂාවකින් හෝ ධනවතුන්ගේ උපකාරයෙන් යම්කිසි දෙයක් ලැබෙන කාල වකවානු තිබේ. එසේම, යම් යම් කරදර යෙදී තිබෙන දේත් නැති වී විනාශ වී යන වකවානු ද ඇත. මේ ලාභ අලාභ දෙකය. සමාජයෙන් අපමණ නින්දා අපහාස ලැබෙන අවස්ථාවන්ද ඇත. තමන් බලාපොරොත්තු නොවූ අයුරින් පවා සමාජයෙන් ලෝකයෙන් ස්තුති ප්‍රශංසා ගරු නම්බු ලැබෙන කාල ද ඇත. නින්දා ප්‍රශංසා යනු මේ දෙකයි.
Read more »

Labels:

Monday, November 21, 2011

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ


”කැලේ තිබෙන කොයි දේවත් රසවේවා
මලේ බමරු ලෙස පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා”

ළා දළු බෝපත් සෙමින් සැලෙන සේ
යසෝදරා දේවී
වාවනු බැරිතැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී

ඇය ද මිනිස් දුවකි. ආලයේ වේදනාව ඇයට ද දැනෙයි. තමාට අහිමිව ගිය ආදරය පිළිබඳව ඈ තුළ ද කම්පාවක් පවතී. එහෙත් ඇගේ හඬා වැලපීම සිද්ධාර්ථ හිමියන් සමාන කරනු ලබන්නේ ළා දළු බෝපතක් මඳ සුළඟට හෙමින් සැලීමටයි. ඒ උපමාලංකාරය තුළින් ඇය කෙරෙහි කම්පාවක් මෙන් ම භක්තියක් රසිකයා සිතෙහි හටගනී. එසේම ඇය හඬා වැටෙන්නේ රහසේ ය. ප්‍රසිද්ධියේ හඬා වැලපෙමින් තම සැමියාට අගෞරවයක් කිරීමට ඈ නොසිතයි. ජනකවියා මේ අවස්ථාව නිරූපණය කරන්නේ මේ අයුරිනි.

Read more »

Labels:

නිම නැති සංසාර සාගරය පීනලා



සාරාසංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා
සොළසා සංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා
සූවිසි සංක්‍ය කප් ලක්සය පෙරුම් පුරා
මෝරා පුබුදු මල ලෙස බුදු වු ලොව් තුරා


නිම නැති සංසාර සාගරය පීනලා
නිම නැති වස්තු ඇස් ඉස් මස් දන් දීලා
නිම නැති වීරියක් කෙරුවාය හිත වෙලා
නිම නැති බුදු බවට ජීවිත දන් දීලා

දීපංකර බුදුන් ලෝකෙට පහළ වෙනා
සුමේද නම් තපසුව බෝසත් එදිනා
කඳුරැලියේ වැඩ සිටි මහතා එදිනා
මේ මහතා මතු බුදු වෙයි වදාරනා

සිරි හස්තෙන් මල් පූජා කළ තැනදී
දෙසිතක් නැතුව නියමයි එක සිත් පැහැදී
දෝත පුරා වැඳ පිදු රඹගම් පුරදී
නියත විවරණේ ලැබුණේ එතැන්හිදී

සූවිසි බුදුන්ගෙන් විවරණ ලබා ගෙන
ආයුස තිබෙන පමණක් එහි වැඩ සිටින
වෙසතුරු වෙලා තපසේ ගොස් වැඩ සිටින
අහස පොළොව මෙන් අන්තිම දන් දෙමින

සහම්පතී වැනි අන්තිම වැඩි ගමන
සම්බ උණේ ළං වී බුදු බව සොඳින
සැම දෙවියෝ රැුස් වී සිට සැළකරන
බඹ ලොව ලක්ස ගණනක් දිව සිරි විඳින

Read more »

Labels: